විසින් යන නිපාතය හා සම්බන්ධ නාම පද
 

කර්ම කාරක වාක්‍යවල 'විසින්' යන නිපාතය හා සම්බන්ධ ව යෙදෙන නාම පද

නිදසුන් :

මිනිසුන් විසින් යෝජනා ඉදිරිපත් කැරේ / කෙරේ /කෙරෙයි / කරනු ලැබේ / කරන ලදී

කාන්තාවන් විසින් දරුවෝ හැඩ ගැස්‌වෙති / හැඩ

ගස්‌වනු ලැබෙති / හැඩ ගස්‌වනු ලබති / හැඩ ගස්‌වන ලදහ /ලද්දාහු ය.

ළමයකු විසින් කුරුල්ලෙක්‌ මුදා හැරෙයි / හරිනු ලැබේ / හරින ලදී

නිළියක විසින් ප්‍රේක්‌ෂකයෝ කුල්මත් කැරෙති / කෙරෙති /කරනු ලැබෙති / කරනු ලබති / කරන ලදහ

මා විසින් පොතක්‌ ලියැවෙයි / ලියනු ලැබේ / ලියන ලදී

අප විසින් මාපියෝ පිදෙති / පුදනු ලැබෙති / පුදනු ලබති /පුදන ලදහ

(c) Shilpa Sayura Foundation 2006-2017