දැකුම් වෘත්තය මත ආලෝක අතුරුදහන් ලක්‍ෂ්‍යයේ පිහිටීම
location of the lvp in the circle of view
location of the lvp in the circle of view
ඉර ලක්‍ෂ්‍යය ඉදිරියෙන් තිබෙන විට අතුරුදහන් ලක්‍ෂ්‍යය තීරණය වන්නේ කෝණ දෙකකිනි.}
1. ප්‍රධාන ලක්‍ෂ්‍යය සිට සූර්යය ලක්‍ෂ්‍යයට ඇති කෝණය (solar azimuth)
2. ක්‍ෂිතිජයේ සිට සූර්යය ලක්‍ෂ්‍යට තිබෙන කෝණය. සූර්යය ලක්‍ෂ්‍යය නිතරම ක්‍ෂිතිජයට ඉහලින් පිහිටය.
ප්‍රති සූර්යය නිතරම ඊට පහලින් මධ්‍ය රේඛාවට පහලින් පිහිටයි. ප්‍රති සූර්යය ලක්‍ෂ්‍යය චිත්‍රය දකින්නාට පිටුපසින් සූර්යයා තිබෙන ලෙස පිහිටයි.
සරළ රේඛීය සෙවනැලි ලක්‍ෂණ
Rectilinear Shadow Attributes
- සෙවනැල්ලේ දාර කෙලින් ඉරකි.
- පර්යාවලෝකන අවකාශයේ සෙවනැල්ලේ දිග හා දිශාව ලකුණු කෙරෙන්නේ එහි ep1 හා ep2 යන අවසාන ලක්‍ෂ්‍යයන් දෙකිනි.
- සෙවනැල්ල වැටෙන මතුපිට භූමියක් නම් අතුරුදහන් රේඛාව ක්‍ෂිතිජය වේ.
- එය ලම්බක තාප්පයක් හෝ ගොඩනැල්ලක් නම් අතුරුදහන් රේඛාව ක්‍ෂිතිජයට ලම්බක වේ.
- සෙවනැල්ල ජනිත කරවන දාරය සාමාන්‍යයෙන් සෘජු කෝණයකි.
ඉතා වැදගත් තල දෙකකි.
ආලෝක අතුරදහන් ලක්‍ෂ්‍යය හා වස්තු දාරයේ කෙලවර් දෙක විසින් සාදන තලය ආලෝක තලය වේ. එයට වෙනම අතුරුදහන් රේඛාවක් ඇත. දෙවැන්න සෙවනැල්ල පතිත වන මතුපිට තලයයි. එහි අතුරුදහන් රේඛාව ක්‍ෂිතිජයයි. මෙම තල දෙක කැපෙන රේඛාව සෙවනැල්ලේ අතුරුදහන් රේඛාවයි.