හිරු එලියේ ලක්‍ෂණ Solar Shadow Attributes
 

 ඉර එළිය ඉදිරියෙන්


ඉර අනන්තයේ තිබෙන නිසා ආලෝක කිරණ සමාන්තර ලෙස සළකයි, එහෙත් එහි ආංශක ක කෝණයක් ඇත. එමනිසා ඉර කිරණ වල අතුරුදහන් ලක්‍ෂ්‍යය ක්‍ෂිතිජයේ පිහිටයි. ඉරේ සිට සිරස් දාර මතින් ඉර තිබෙන ස්ථානය දක්වා යාකර එය සෙවනැල්ල වැටෙන වස්තුව හමු වන තුරු හෝ බිම් මට්ටම දක්වා ලකුණු කෙරෙයි.


 ඉර පසුපසින්


මෙහිදි අපට ආලෝක ප්‍රභවය දක්නට නැත. එය අපට පසු පසින් පිහිටයි. මෙවිට ඉර තිබෙන ස්ථානය විරුද්ධ පසින් ක්‍ෂිතිජයේ ලකුණු කර, ඉන් සිරස් රේඛාවක් ඇඳ ඒ මත අතුරුදහන් ලක්‍ෂ්‍යය සොයා ගැනේ. අනතුරුව වස්තුවේ සිරස් දාර ඉරේ අතුරුදහන් ලක්‍ෂ්‍යයට යා කරමින් සෙවැනැලි ලබාගැනේ.

 ඉර එළියේ විශේෂ ලක්‍ෂණ




  • ඉරට ඉතා හොඳ දීප්තියක් තිබේ. ඉන් ජනිත වන්නේ එක හෙවනැල්ලකි.


  • ඉරේ කිරණ සමාන්තර ලෙස සැලකේ එහෙත් 1/2° ක දැකුම් කෝණයක් ඇත.

  • ආලෝක කිරණ එක් ආලෝක අතුරුදහන් ලක්‍ෂ්‍යයකින් අනන්ත දුරක සිට පැමිණේ. light vanishing

  • ඉර සෙවනැලි දාර එක් රේඛාවකි. සෙවනැල්ල තියූණුය.

(c) Shilpa Sayura Foundation 2006-2017