අසම්භාව්‍ය ක්‍රියා පද ආශ්‍රිත නාම පද
 

අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියා පද ආශ්‍රිත නාම පද :

මිනිසුන් පැමිණිය හොත් අපි රැස්‌වීම පවත්වමු
කාන්තාවන් අදහස්‌ දක්‌වතොත් එය සැලකිල්ලට ගත යුතු ය
ළමයකු හමු වුව හොත් ආරංචිය දැන ගත හැකි ය
නිළියක රැස්‌වීමට ආවොත් සෙනඟ ද ඇදී එනු ඇත
මා ගිය හොත් අම්මා දුක්‌ වන්නී ය
අප නිර්භය වුව හොත් කවුරුත් අපට ප්‍රශංසා කරති
ගංඟාවන් වියළී ගිය හොත් කුඹුරු පාළු වනු නියතය
රීතීන් පරීක්‌ෂණයට භාජන වුව හොත් අවබෝධය පුළුල් වෙයි

කාලාර්ථ අසම්භාව්‍ය ක්‍රියා පද හා ආශ්‍රිත නාම පද :
නිදසුන් :
මිනිසුන් වැඩ කරද්දී ළමයි ක්‍රීඩා කරති
කාන්තාවන් රැස්‌වීම අමතද්දී පිරිස අත්පොළසන් දුන්හ
ළමයකු බසයට නඟිද්දී කොන්දොස්‌තර කෑ ගැසීය
නිළියක වේදිකාවෙන් යද්දී ආලෝකය ද නිවී ගියේ ය
අප කෑම කද්දී අමුත්තෙක්‌ පැමිණියේ ය
ගංගාවන් වියළී යද්දී මිනිස්‌සු දෙවියන් යදිති

(c) Shilpa Sayura Foundation 2006-2017