අතුරුදහන් ලක්‍ෂ්‍යයන් තෝරා ගැනීමේ තේල්ස් ක්‍රමය.
 

අතුරුදහන් ලක්‍ෂ්‍යයන් දෙක අතර දුර චස්තුවට ඇති දුරට ගැලපීම කිරීම පහත දැක්වේ.



 

මීටර් 2 ක් උස ඝණකයක් මීටර් 6ක උසින් බලමු.  පළමුව ඝණකයේ ඉදිරි දාර 4 දිගු කිරීමෙන් vp1 හා  vp2 අතුරුදහන් ලක්‍ෂ්‍යයන් ලබාගනු ලැබේ. මේ ලක්‍ෂ්‍යයන් දෙක යාකිරීමෙන් අතුරුදහන් රේඛාව ලැබේ. 


ගොඩනැගිලි ආදියේදී එය තිරස් නම් ක්‍ෂිතිජය හා සම්පාත වේ.

 

අතුරුදහන් රේඛාව තිරස් වන ලෙස ඇඳ  ඇඳ වස්තුව ඉහලට හා පහලට වෙනස් කර කරකවා නිවැරදි vp1 හා  vp2 ලබාගන්න. පසුව නැවත අතුරුදහන් රේඛා වස්තුවට ඇඳගන්න.

 

ඊලඟට vp1 හා  vp2 අතර මැද ලක්‍ෂ්‍යය වන M ලබාගන්න. එය ක්‍ෂිතිජයේ හා අතුරුදහන් රේඛාවේ පිහිටයි. දැන් M කේන්ද්‍රයට ගෙන එය වටා vp1 සිට  vp2 දක්වා ලානිල් පාටින් දක්වා ඇති පරිදි අර්ධ වෘත්තයක් අඳින්න. එය තේල්ස් වෘත්තයයි.

 

දැකුම් ලක්‍ෂ්‍යය view point තේල්ස් වෘත්තයේ පිහිටිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017