ලක්‍ෂ්‍යය 3 කින් පර්යාලෝකනය 3PP
 

ද්වී ලක්‍ෂ්‍යය පර්යාලෝකනය වඩා ට වඩා ත්‍රිලක්‍ෂ්‍ය පර්යාවලෝකනය වඩා හොඳ ආකාශ දැකුම් (aerial views) ලබාදේ. හෙලිකොපටරයක සිට නගරයක ගොඩනැගිලි දැකීම හෝ කන්දක් මත සිට දැකීම් ඊට උදාහරණය. එමෙන්ම මේසයක් මත තබා ඇති ජ්‍යාමිතික වස්තූන් බලා ඇඳීම හෝ ගෘහ භාණ්ඩ නිර්මාණය කෙටි දුර උදාහරණය.

පහත රූපයේ පරිදි ඝණකයක් 35°ක් පහලටත් 45°ක් පැත්තකටත් හරවා බලමු. මෙහිදී එහි එකදු තලයක් හෝ රූප තලය හා සමාන්තර නොවේ. එහි අතුරුදහන් ලක්‍ෂ්‍යයන් 90° ක්ව දැකුම් වෘත්තයේ පිහිටයි.

අතුරදහන් ලක්‍ෂ්‍යය vp1, vp2 and vp3 ඝණකයේ දාර වලට සමාන්තර සියලු රේඛාවල ප්‍රතික්‍රමණය (recession) පාලනය කරයි. ඝණකයේ සෑම තලයක්ම අතුරුදහන් ලක්‍ෂ්‍යයන් 2ක් මගින් සටහන් කරයි. එය 2PP වලදී එක අතුරුදහන් ලක්‍ෂ්‍යයකි. ඒවා යාකරන්නේ ක්‍ෂිතිජ රේඛා තුනකිනි. ඒවා තමනට ඉදිරිපස සියලුම තල හා ප්‍රතික්‍රමණ පාලනය කරයි, ඒ අතරම ඒ තලවලට විරුද්ධ දෙසින් ඇති නොපෙනෙන තලයන්ද ගලපයි.

සෑම ක්‍ෂිතිජ රේඛාවක්ම සහකාර ක්‍ෂිතිජ රේඛාවකින් (auxiliary horizon line) ඊට විරුද්ධව පිහිටි අතුරුදහන් ලක්‍ෂ්‍යයට (vp1-dv3, vp2-dp1, vp3-dp2) යාකර ඇත. එය තැඹිලි පාටින් දැක්වේ. ඒවා මිනුම් ලක්‍ෂ්‍යයන් පිහිටන අතුරුදහන් රේඛා වේ.


2PP වලදී ක්‍ෂිතිජ රේඛාව අතුරුදහන් ලක්‍ෂ්‍යයන් හා මිනුම් ලක්‍ෂ්‍යයන් පිහිටන අතුරුදහන් රේඛාව වුවද 3PP හිදී එය වෙනස්ය.

සහකාරක ක්‍ෂිතිජය නිතරම දැකුම් දිශාවට (dv) පිහිටයි. එය වස්තුවේ පර්යාලෝකන වියමන් වල (perspective textures) අතුරුදහන් ලක්‍ෂ්‍යයන් යාකරයි. dv ක්‍ෂිතිජ තුන මගින් සැදෙන ත්‍රිකෝණය තුල පිහිටිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017