අනුක්‌ත රූප යෙදෙන අවස්‌ථා
 

වාක්‍යයක කර්මය වශයෙන් යෙදෙන නාම පද :

නිදසුන් :
නායකයෝ මිනිසුන් හදුනති
ලේඛිකාව කාන්තාවන් අමතයි
ගුරුවරයා ළමයකු කැඳවයි
අපි නිළියක හමු වීමු / වූමු
පියා මා දුටුවේ ය
කලාකරුවෝ අප කුල්මත් කළහ
ඉංජිනේරුවෝ ගංගා හරවති
පඬිවරු රීතින් පරීක්‌ෂා කරති

නිපාත ආශ්‍රිත නාම පද :
මිනිසුන් වැනි සත්ත්ව වර්ගයක්‌
කාන්තාවන් සඳහා වෙන් කරන ලද
ළමයින් උදෙසා ලියැවුණු පොත්
නිළියක මෙන් සැරසුණු
මා කරා පැමිණි පිරිස
අප හා උරණ නො වී
ගංඟාවන් සේ එක්‌ වුණු
කාව්‍ය රීතීන් වැනි ලක්‌ෂණ
ඔවුන් සමඟ එක්‌ වී

අනුක්‌ත කර්තෘ හඟවන නාම පද :
මිනිසුන් කරන වැඩ
කාන්තාවන් පවසන අදහස්‌
ළමයකු ලියූ ලිපියක්‌
නිළියක දැක්‌වූ අදහස්‌
මා දුටු යුරෝපය
අප ගයන ගී
ගංඟාවන් දෙන සම්පත්
රීතීන් දක්‌වන ලක්‌ෂණ

'වූ' යන කෘදන්තයට මුලින් යෙදෙන නාම පද :
ගුරුවරයකු වන අමරදාස මහතා
ලේඛකයන් වන අපි
සශ්‍රික කාලයක්‌ වූ වසභ රාජ්‍ය සමය
ගැඹුරු දර්ශනයක්‌ වන බුදු දහම

(c) Shilpa Sayura Foundation 2006-2017