අතුරුදහන් ලක්ෂ්යන් දෙකකින් යුත් පර්යාලෝකනය වඩාත් ප්රචලිතය. {Two point perspective (2PP)}. පරිසර ඕනෑම දර්ශනය හා ගෘහ නිර්මාණයට සුදුසු වීමද, එහි දැකුම් දිශා වැඩි ගණනක් එහි තිබීමද එයට හේතුවයි.
අතුරුදහන් ලක්ෂ්යන් දෙකක් සමග කටයුතු කිරීමේදී දැකුම් වෘත්තයේ අරය , රූප තලයේ සිට දකින්නාගේ දුරට සමානව ගැනේ. මෙහිදී දැකුම් ලක්ෂ්යය දැකුම් වෘත්තයේ ඉහල පිහිටුවයි. මෙහිදී අප පහත බලන ලෙසක් දක්වයි. රූප තලය ක්ෂිතිජය නිරූපනය කරයි. ඉන් සියළු අතුරුහන් ලක්ෂ්යයන් රූප තලය මත එක් ලක්ෂ්යකින් පෙන්වයි.
රූපයේ ඝණකය මැද පෙනුනත් එය 45° කින් රූප තලයේ භ්රමණය කර ඇත.
වෘත්තයේ ඉහළ කොටසේ ඇති තද නිල් රේඛා දැකුම් දිශාවට අංශක 45°වූ දෙපස දැකීමේ සීමා පෙන්වයි.
ඝණකයේ ඉදිරි පැති දෙකක් දැකුම් දිශාවට අංශක 45° කෝණයකට තිබීම නිසා තද නිල් පාට රේඛා ඝණකයේ පැතිවල අතුරුදහන් රේඛා වලට සමාන්තර වේ. ඒවා ක්ෂිතිජයේ එකම ලක්ෂ්යයක හමුවේ. vp1 හා vp2 යන ලක්ෂ්යයන් නිල්ඉරි කැපෙන රූප තලයේ පිහිටයි. ඝණකයේ තිරස් දාරවල සියළු අතුරුදහන් රේඛා vp1 හා vp2 අතුරුදහන් ලක්ෂ්යන් වල හමුවේ.
පර්යාවලෝකන අවකාශයේ සම දුරවල්
equal intervals at other distances in perspective space