වාක්‍යයක උක්තය වශයෙන් යෙදෙන 'දෙනෙක්' 'දෙන' 'දෙනා' යන පදයකට
පූර්වයෙන් යෙදෙන නාම පද :
නිදසුන් :
මිනිස්සු බොහෝ දෙනෙක් රැස්වීමට පැමිණියහ.
කාන්තාවෝ කීප දෙනෙක් තරඟයෙන් ඉවත් වූහ
ළමයි හැම දෙන ම පන්ති කාමරය පිරිසිදු කරති
අපි වැඩි දෙනෙක් සාහිත්‍යය හදාරමු
අපි තුන් දෙනා නගරයට යමු
ප්රාර්ථනාර්ථ 'වා' නිපාතය සහිත වාක්‍යයක උක්ත පද :
නිදසුන් :
මිනිස්සු බුද්ධිමත් වෙත් වා
කාන්තාවෝ පෙරමුණට එත් වා
සියලු සත්ත්වයෝ නිදුක් වෙත් වා
සියලු ඥාති මිත්රාදීහු මේ නිවේදනය පිළිගනිත් වා
ඔවුහු සත්‍යය දකිත් වා
අපි තරඟයෙන් දිනමු වා / දිනම් වා / දිනමෝ වා
මධ්‍යස්ථ විචාරකයෙක් පහළ වේ වා