කතෘ පද හා ආඛ්‍යාතය
 

ඇත ඇති සහ නැත නැති යබ පද ආඛ්‍යාතය වෙනුවට යෙදෙන වාක්‍යක කර්තෘ පද :
නිදසුන් :
ගමෙහි ද නායකයෝ ඇත / ඇති
කාර්යාලයෙහි අද ලිපිකරුවෝ නැත / නැති
ඒ මණ්‌ඩලයේ කාන්තාවක්‌ ද ඇත / ඇති
මේ පන්තියෙහි ගුරුවරයෙක්‌ නැත / නැති

'ද' 'හා' 'සහ' යන සමුච්චයාර්ථ නිපාතයකින් නොහොත් 'ත්' භාවිතයෙන් වාක්‍යයක කර්තෘ වශයෙන් යෙදෙන පද :

නිදසුන් :
ගුරුවරු ද ළමයි ද විදුහල්පති හමුවෙති
ගොවියෝ ද කම්කරුවෝ ද වැඩ කරති
නළුවෙක්‌ හා නිළියක්‌ හා වේදිකාවට ආහ
ගුරුවරු හා ළමයි විදුහල්පති හමුවෙති
ඇතෙක්‌ හා / සහ වඳුරෙක්‌ මිත්‍ර ව විසුවෝ ය
ගුරුවරු සහ ළමයි විදුහල්පති හමුවෙති
ගොවියෝත් කම්කරුවෝත් එක්‌ රැස්‌ වෙති
සිංහයෝත් ව්‍යාඝ්‍රයෝත් දඩයම් කරති

සැ.යු. 'හා' නිපාතය ද්විත්ව ව යෙදීම ද සිංහල රීති යි.

(c) Shilpa Sayura Foundation 2006-2017