ශක්තිය ගබඩා කල හැකි ක්‍රම
 
ඉහත දැක්වෙන්නේ වර්ථමානයේ භාවිතා වන විදුලිය ගබඩා කරන කැපැසිටර් බැංකුවකි(විශාල ධාරිතාවක් ඇති කැපැසිටරයකි).
ශක්තිය ගබඩා කළ හැකි ක්‍රම කිහිපයක් අපි දැන් සලකා බලමු.
 
1. සුළං ශක්තිය රැස් කළ හැකි ආකාරය,
 
* සුළං ශක්තිය ආධාරයෙන් ඉහල තැනක පිහිටි ජලාශයකට ජලය ගෙන යෑම.
 
* විද්‍යුත් ශක්තිය බවට සුළං ශක්තිය හරවා විද්‍යුත් ශක්තිය ගබඩා කිරීම.
   මෙවැනි ක්‍රම මඟින් සුළං ශක්තිය ගබඩා කළ හැක.
 
2. දුන්නෙන් ක්‍රියා කරන ඔරලෝසුවක, ක්‍රිඩා භාණ්ඩයක ශක්තිය ගබඩා වී ඇති ආකාර සළකා බලමු.
 
# මෙම උපකරණ වල භාහිර ආවරණය ගලවා අභ්‍යන්තරය නිරීක්ෂණය කළ යුතුය.
# පසුව එහි දුන්න තිබෙන ආකාරය බලන්න.
# පසු ව දුන්න දඟ කවන්න.
# මෙලෙස කිරීමේ දී එය හැකිළෙන ආකාරය බලන්න.
# දුන්න සවි කර ඇති අක්ෂ දණ්ඩ කරකවීමෙන් දුන්න දඟ කැවෙන ආකාරය නිරීෂණය කරන්න.
 
ඔරලෝසුව හෝ ක්‍රීඩා භාණ්ඩය ක්‍රියාත්මක වන විට දුන්නෙහි දඟ ලිහිල් වන සැටි බලන්න.
 
අපගේ ශරීරයේ තිබූ කායක ශක්තිය දුන්නෙහි ගබඩා වූ ආකාරය තේරුම් ගන්න. 
 
ඉහත ක්‍රියාකාරකමින් පැහැඳිළි වන්නේ දුන්න තුළ ශක්තිය ගබඩා වූ ආකාරයත් අවශ්‍ය විට එය නිදහස් වූ ආකාරයත්ය.
 
මේ අනුව පැහැඳිලි වන්නේ ශක්තිය විවිධ ක්‍රම මගින් ගබඩා කළ හැකි බවය.
 
(c) Shilpa Sayura Foundation 2006-2017