ගෙදර දොරේ දී ශක්තිය අපතේ යන අවස්ථා කිහිපයක් සැලකිල්ලට ගනිමු.
1. පහත රූපය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න එහි ඉන්ධන දැවෙන ලිපක් මත බදුනක් තබා ඇත.
1. පහත රූපය කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න එහි ඉන්ධන දැවෙන ලිපක් මත බදුනක් තබා ඇත.
බදුනේ පතුල ලිපට වඩා කුඩා බව පෙනේ.
මෙසේ වූ විට ලිපේ ඉන්ධන දැවීමෙන් නිපදවන ශක්තිය අපතේ යයි.
2. විදුලි ඉස්තිරික්කයක් භාවිත කර රෙදි මැදීම සලකා බකමු.
ඉස්තිරික්කයකින් රෙදි මැදීමට නම් යම් උෂ්ණත්වයකට රත් කළ යුතුය.
ගෙදර සියල්ලන්ම එක් අවස්ථාවකදී ඉස්තිරික්ක කරයි නම් ඉස්තිරික්කය රත් වීමට ශක්තිය වැය වන්නේ දිනකට එක් අවස්ථාවකි.
අවස්ථා කිහිපයකදි රෙදි ඉස්තිරික්ක කරයි නම් ඒ හැම අවස්ථාවකදීම කාමර උෂ්ණත්වයේ සිට ඉහළට රත් කිරීමට ශක්තිය වැය වේ.මෙය ශක්තිය අපතේ යෑමක් වේ.
3. වාණිජ කටයුතු වල දී ශක්තිය අපතේ යන අවස්ථා
ශක්තිය වැය වන ප්‍රධාන අංශයක්ය වාණිජ කටයුතු.
3. වාණිජ කටයුතු වල දී ශක්තිය අපතේ යන අවස්ථා
ශක්තිය වැය වන ප්‍රධාන අංශයක්ය වාණිජ කටයුතු.
අප රටේ නිපදවන විද්‍යුත් ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් මේ සඳහා වැය වෙයි.
දළ වශයෙන් 3/1 ක්ම පාරිභෝජනය කරනුයේ වාණිජ අංශය මඟිනි.
ඉතා විශාල නාම පුවරු ආලෝකමත් කිරීමට,සැඟවුනු පහන් දැල්වීමට,වායු සමනය කිරීමට,වට තිර ඇදීමෙන් දවල් කාලයේදී අඳුරු කළ කුටි කෘතීමව ආලෝකමත් කිරීමට යන කටයුතු සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් වැය වේ.
වාණිජ අංශයේදි වැඩි වශයෙන් ශක්තිය අපතේ යයි.