මේවා 'ව' ධාතුවෙන් සෑදුණු ආඛ්‍යාතයක් හා ආශ්‍රිත යි
නිදසුන් :
බොහෝ සිංහලයෝ බෞද්ධයෝ වෙති
දරුවෝ අනාගත පුරවැසියෝ වෙති
වැව් සෑදුවෝ සිංහලයෝ වෙති
නායකයෝ අපි වෙමු
ගුරුවරයා මම වෙමි
හේ / ඔහු ලේඛකයෙක් වෙයි
ඕ / ඈ නිළියක් වූවා ය / වෙයි.
ඉහත සඳහන් වාක්‍ය ඇතැම් විට, ආඛ්‍යාතයක් රහිත ව යෙදේ.
නිදසුන් :
බොහෝ සිංහලයෝ බෞද්ධයෝ
වැව් සෑදුවෝ සිංහලයෝ
දරුවෝ අනාගත පුරවැසියෝ
නායකයෝ අපි
ගුරුවරයා මම
හේ / ඔහු ලේඛකයෙක්
ඕ / ඈ නිළියක්
ඉහත වාක්‍යවල ආඛ්‍යාතය වෙනුවට බොහෝ විට 'ය' නොහොත් 'යි' නිපාතය යෙදේ.
බොහෝ සිංහලයෝ බෞද්ධයෝ ය / යි
දරුවෝ අනාගත පුරවැසියෝ ය / යි
වැව් සෑදුවෝ සිංහලයෝ ය / යි
නායකයෝ අපි ය / යි
ගුරුවරයා මම ය / යි
හේ / ඔහු ලේඛකයෙක් ය
ඕ / ඈ නිළියක් ය
ඉහත වාක්‍යවල 'ල' 'ලු' නිපාතය යෙදීමෙන් ඇසූ බව දැක්‌වෙන අර්ථයක් එක් වෙයි.
බොහෝ සිංහලයෝ බෞද්ධයෝ ල / ලු
දරුවෝ අනාගත පුරවැසියෝ ල / ලු
නායකයෝ අපි ල / ලු
ගුරුවරයා මම ය / යි
හේ / ඔහු ලේඛකයෙක් ල / ලු
ඕ / ඈ නිළියක් ල / ලු
'ද' නිපාතය යෙදීමෙන් මෙවන් වාක්‍ය ප්‍රශ්න බවට හැරේ.
සිංහලයෝ බෞද්ධයෝ ද ?
දරුවෝ අනාගත පුරවැසියෝ ද ?
නායකයෝ අපි ද ?
ගුරුවරයා මම ද ?
හේ / ඔහු ලේඛකයෙක් ද ?
ඕ / ඈ නිළියක් ද ?
උක්‌ත රූපය යෙදෙන නාම ධාතුක ක්‍රියා සහිත වාක්‍ය :
මම ගුරුවරයෙක්‌මි
මම ලේඛකයෙක්‌මි
හේ / ඔහු ලේඛකයෙකි
ඕ / ඈ නිළියකි
තෝ ලේඛකයෙක්‌හි / ලේඛකයෙකි