ශක්ති සංරක්‍ෂණය
 


 

ශක්තිය අපතේ යන ක්‍රම බොහෝමයක් ඇත.

 

මෙලෙස ශක්තිය අපතේ නොයවා පිරිමසා ගන්නා ආකාර කිහිපයක් ගැන සැලකිළිමත් වෙමු.

 

පහත දක්වා ඇත්තේ ශක්තිය අපතේ යෑම අවම කරගන්නා ක්‍රම කිහිපයකි.


 

1.  අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.

2. රෙදි මැදීමේදී රෙදි එක වර මැද ගැනීම.

3. වාහන අවශ්‍ය වේලාවේදී පමණක් පණ ගැන්වීම.

4. ළිපේ දර අනවශ්‍ය ලෙස දහනය නොකිරීම.

5. විකල්ප ශක්ති ප්‍රභව භාවිතයට ගැනීම,

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* සූර්ය ශක්තිය
* සුළං ශක්තිය
* මුහුදු රළ ශක්තිය,උදම් ශක්තිය
* න්‍යෂ්ටික ශක්තිය
       

6. නිවෙස් වල භාවිතයට ගන්නා විදුලි පහන් මිලදී ගැනීමේදී සැලකිළිමත් වීම. එළිය ලබා ගැනීමට වඩාත්ම සුදුසු සුසංහිත ප්‍රදීප්ත පහන් මිලදී ගන්න.
 
ශක්තිය අපතේ යැවීම නිසා ඔබට මෙන්ම රටට ද විශාල ආර්ථික පාඩුවක් සිදු වේ. මේ නිසා අපි සැම විටම ශක්තිය පිරිමැස්මට කටයුතු කරන්න.

 

(c) Shilpa Sayura Foundation 2006-2017