ගංගා ජලය ජලාශයක රදවා ගනු ලබයි.
ජලය පිහිටන ස්ථානය අනුව ජලයට ශක්තිය ලැබේ.
යමි කිසි ඉහළකින් පිහිටි ඕනෑම වස්තුවක විභව ශක්තිය ඇත.
එම නිසා ඉහළ පිහිටි ජලයේද විභව ශක්තිය ඇත.
මෙම ශක්තිය ජල විදුලිය නිෂපාදනයේදී ටර්බයිනය කැරකවීම සදහා යොදාගනයි.
රැස් කර ගත් ජලය උමං තුළින් පහලට ගලා යෑමට සලස්වා එම ජලය සතු විභව ශක්තිය චාලක ශක්තිය බවට හරවා ගනී.
එම චාලක ශක්තිය උමං තුළ ඇති ටර්බයින කරකවා ගැනීමටද යොදා ගනී.
ටර්බයිනයේ චාලක ශක්තිය මඟින් විද්යුත් ජනක යන්ත්ර ක්රියා කරවමින් විදුලිය නිපදවයි.
ජල විදුලි බලාගාරයක්
අප රටේ ජල විදුලි බල ශක්තිය වැඩි වශයෙන් භාවිතයට ගැනේ. එනිසා මේ සඳහා ඇති ඉල්ලුමද වැඩිය.
මෙම ශක්ති ප්රභවය භාවිතයට ගන්නා අවස්ථා කිහිපයක් ගැන සලකා බලමු.
උදාහරණ කිහිපයක් පහත දැක් වේ.
1. නිවෙස් වලට විදුලිය සැපයීමට
2. නිවෙස්වල ඉවුම් පිහුම් ඇතුළු ගෘහස්ථ කටයුතු සඳහා