අපට ශක්තිය ලබා දෙන ස්වාභාවික මූලික ශක්ති ප්‍රභවය වන්නේ සුර්යයා යි.
සූර්ය ශක්තිය විශාල වශයෙන් පොළොවට ලැබෙන නමුත් එය අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා ස්වල්ප වශයෙනි.
සූර්ර්‍ය ශක්තිය අපට ලැබෙන්නේ ආලෝකය හා තාපය ලෙසයි.
දැන් අප මේ ශක්තිය කෙලසදැයි පරීක්ෂාකිරීම සදහා ඉතා සරල පරීක්ෂණයක් විමසා බලමු.
පරීක්ෂණය.
සූර්ය තාපයෙන් තාපයෙන් පුළුන් දහනය කිරීම.
හිරු එළිය හොඳින් ඇති අවස්ථාවක උත්තල කාචයක් හිරු ආලෝකය දෙසට යොමුකර එහි නාභිය පුළුන් කැබැල්ලක් වෙත යොමු කරන්න.
(ආලෝකය හා තාප කිරණ උත්තල කාචයක් මඟින් එක් ස්ථානයකට රැස් කළ හැකිය)
(ආලෝකය හා තාප කිරණ උත්තල කාචයක් මඟින් එක් ස්ථානයකට රැස් කළ හැකිය)
එවිට මඳ වේලාවකට පසු පුළුන් කැබැල්ල පිළිස්සී යන අයුරු දැකගත හැකිවේ.
එනම් සූර්‍යය ශක්තිය තුල තාපය ඇති බව පෙනේ.
දැන් අපි සූර්‍යයාගෙන් ලැබෙන මෙම තාප ශක්තියෙන් ගත හැකි ප්‍රයෝජන පළිබඳව මසා බලමු.
සූර්ය තාප උදුනක් සාදා ගැනීම.
මේ සදහා තරමක් විශාල අවතල දර්පණයක් අවශ්‍ය වේ.
දැන් මෙම අවතල දර්පනය හොදින් ආලෝකය ඇති ස්ථානයක් වෙත යොමු කරන්න.
නාභි ලක්ෂ්‍යයේ ආහාර සහිත බදුන (හාල් සහිත මුට්ටියක්) තබන්න.
නාභි ලක්ෂ්‍යයේ ආහාර සහිත බදුන (හාල් සහිත මුට්ටියක්) තබන්න.
මෙහිදීද සූර්යාලෝකය සමඟ එන තාප කිරණ අවතල දර්පණය මඟින් එක් ස්ථානයකට නාභිගත කරයි.
එවිට සියළුම කිරණවල ඇති තාපය නිසා නාභිගත ස්ථානයේ තාපය අධික වෙයි.
එම නිසා ආහාර බදුන වෙත ආහාර පිසීමට අවශ්‍යය තාප ශක්තිය ලැබී ආහාරය පිසෙයි.
ඉන් පසු එය ඔබට අනුභවයට ගත හැකි අතර සියළුම ඉවුම් පිහුම් සදහා මෙම ශක්ති පිරිමැසුම් ක්‍රමය භාවිතා කර හැක.