20 ශත වර්ෂයේ මුල ජ්‍යාමිතික චිත්‍ර Geomatric Art
 

පුනුරුදයේ සිට කලාකරුවන් ජ්‍යාමිතිය මුල් කරගත් ත්‍රිමාණය භාවිතා කළහ. පරිමාණය කලාවේ ඉතාමත්ම වැදගත් අංගයක් වීය. 20 වන ශත වර්ෂයේ මුලදී සොයාගත් කැමරාව චිත්‍රයකට වඩා පහසුවෙන් චිත්‍රයකින් කරන කටයුත්ත කරන්නට හැකි විය. චිත්‍රකරුවෝ ඒ නිසා තාත්වික රූපයක පිටපතක් ඇඳීමට පමණක් කැමති නොවූහ. ඔවුන් සාරාංශ, භාවාත්මක හා විසංයුක්ත නිර්මාණ ව‍ට යොමු වූහ. ඔවුනගේ මාතෘකා විශ්ව විය, චිත්‍රයක් යනු පැහැදිලිව යම් වස්තුවක් පිටපත් කිරීමට වඩා අදහස් ප්‍රකාශනයක් බව ඔවුන් සිතන්නට විය.

ජ්‍යාමිතික ත්‍රිමාණයට කාලය වැනි හතරවන නිමානයක් එකතු වීමෙන් හා නව අදහස් වලින් පෝෂිත ජ්‍යාමිතිය අසුරු කරගත් අදහස් සාරාංශ කල භාවාත්මක චිත්‍ර සම්ප්‍රදායක් බිහිවිය. මෙහිදී ඝණ ජ්‍යාමිතික හැඩතල තුල චිත්‍ර ඇඳීම කෙරුණි.

(c) Shilpa Sayura Foundation 2006-2017