ලියනාඩෝ ඩාවින්චිගේ ගණිතය Leonardo mathematics
 

ලියනාඩෝ ඩාවින්චි (1452-1519) පුනරුදයේ වැදගත්ම චරිතය ලෙස හැඳින්වීමට හැක්කේ ඔහුගේ දක්‍ෂතා චිත්‍ර වලට පමණක් සීමා නොවීමය. ගණිතය, දර්ශනය, ගෘහ නිර්මාණ කලාව, ඉංජිනේරු විද්‍යාව, චිත්‍ර, මූර්ති, විද්‍යාව, සංගීතය, පර්යේෂණ හා ආයුධ නිර්මාණයේ පවා ඔහු දක්‍ෂයෙකු වීය.

එකල ප්ලේටෝගේ පාසලේ දොරේ ලියා තිබුනේ ජ්‍යාමිතිය නොදන්නා අයකු මෙහි ඇතුළු නොවන ලෙස බව ඩාවින්චි තම සටහන් පොතක ලියා තිබේ. ගණිතය නොමැතිව විද්‍යාවක් පැවතිය නොහැකි බව ඔහු ලියා තිබේ.

ත්‍රිමාණය හා ආලෝකයේ පරාවර්ථනය ගැන ඔහු කල පර්යේෂණ සහ සටහන් පුනුරුදයේ සිට අද දක්වා භාවිතා කෙරේ.



 The Notebooks of Leonardo Da Vinci 


 ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍ර සටහන්

(c) Shilpa Sayura Foundation 2006-2017