ප්‍රාණවාචි සර්ව නාම පද : උක්‌ත රූපය අනුක්‌ත රූපය
උත්තම පුරුෂ
මම - මා
අපි -අප
මධ්‍යම පුරුෂ
තෝතා
තෙපි/තොපි තොප
ඔබ ඔබ
සැ.යු.'ඔබ' යන්න උක්‌ත අනුක්‌ත දෙකෙහි මෙන් ම ඒකවචන බහුවචන දෙකෙහි ද
නොවෙනස් ව ඒ රූපයෙන් ම සිටී. බහුවචනය සඳහා 'ඔබලා' යන යෙදුම සදොස්
ය.
'ඔබ' යන්න උක්‌ත වන කල්හි ඒ හා යෙදෙන ආඛ්‍යාතය ප්‍රථම පුරුෂ බහුවචන
රූපය ගනී. එහෙත් වර්තමානයෙහි ඒ හා යෙදෙන ආඛ්‍යාතය මධ්‍යම පුරුෂ
රූපයෙන්,
ඒක වචනයෙහි
බලහි බලන්නෙහි බැලිහි බැලුවෙහි
බහුවචනයෙහි
බැලහු බැලුවහු ආදි වශයෙන් ද සිටිනු දක්‌නට ලැබේ.
එය ද නිදොස් සේ සැලකිය යුතු ය.
උක්‌ත රූපය අනුක්‌ත රූපය
ප්‍රථම පුරුෂ
ඔහු (ඒක) ඔහු
ඔවුහු ඔවුන්
හේ හෙතෙම
හෙතෙමෙ ඔහු
හේ තෙමේ
ඕ / ඕ තොමෝ ඈ / ඇය
ඈ / ඇය
'ඔහු' යන්න ඒක වචනයෙහි ද බහු වචනාර්ථයෙහි ද නූතන ව්‍යවහාරයෙහි යෙදේ.
එය ඒක වචනාර්ථයෙහි යෙදෙන කල්හි උක්‌ත අනුක්‌ත රූප භේදයක් නො පෙන්වයි. එහි උක්‌ත බහුවචන රූපය 'ඔවුහු' ය.
උක්‌ත 'ඔවුහු' යන්නෙහි ද අනුක්‌ත රූපය 'ඔවුන්' ය.
උක්‌ත ඔවුහු සහ අනුක්‌ත ඔවුන් යන පද ස්‌ත්‍රී ලිංග
බහු වචනාර්ථයෙහි ද යෙදේ. 'ඈලා' යන යෙදුම සදොස් ය.
ප්‍රාණවාචි සර්වනාම සමූහාර්ථ පදවල උක්‌ත අනුක්‌ත භේදය :
උක්‌ත රූපය අනුක්‌ත රූපය
ඇතැම්හු / ඇතැම්මු ඇතැමුන්
සමහරු සමහරුන්
කවුරු කවුරුන්
ඇතැමෙක් ඇතැමකු/ඇතැමෙකු
සමහරෙක් සමහරකු/සමහරෙකු
යමෙක් යමකු/යමෙකු
කිසිවෙක් කිසිවකු/කිසිවෙකු
අයෙක් අයකු/අයෙකු
කවරෙක් කවරකු/කවරෙකු
කෙනෙක් කෙනකු/කෙනෙකු
කෙනකුන්/කෙනෙකුන්
ලේඛනයේ දී එකු, අකු ප්‍රත්‍ය යෙදීම සමරූපනාවෙන් කළ යුතු ය.