උක්‌ත අනුක්‌ත භේදය
 

සිංහල නාම පදයේ උක්‌ත අනුක්‌ත රූප භේදයක්‌ දක්‌නට ඇත.

මේ භේදය නාම පද ගණ හතරක රූප කෙරේ බලපායි.
ප්‍රාණවාචි බහුවචන පද
ප්‍රාණවාචි අනියම් ඒකවචන පද
ප්‍රාණවාචි සර්ව නාම පද
ප්‍රාණවාචි රූප ගැන්වූ අප්‍රාණවාචි නාම පද

ප්‍රාණවාචි බහුවචන පද : උක්‌ත රූපයඅනුක්‌ත රූපය

මිනිස්‌සු - මිනිසුන්
කාන්තාවෝ - කාන්තාවන්
ළමයි - ළමයින්
ගුරුවරු - ගුරුවරුන්
ගවයෝ - ගවයන්

ප්‍රාණවාචි අනියම් ඒකවචන පද : උක්‌ත රූපයඅනුක්‌ත රූපය
මිනිසෙක්‌ - මිනිසකු/මිනිසෙකු
ළමයෙක්‌ - ළමයකු/ළමයෙකු
ගුරුවරයෙක්‌ - ගුරුවරයකු/ගුරුවරයෙකු
කාන්තාවක්‌ - කාන්තාවක
දෙනක්‌ - දෙනක
නිළියක්‌ - නිළියක
ගුරුවරියක්‌ - ගුරුවරියක

ලේඛනයේ දී එකු, අකු ප්‍රත්‍ය යෙදීම සමරූපනාවෙන් කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017