උත්තර භාරතයේ ප්‍රචලිත කථක් නර්තනය ඉන්දියාවේ මහා සම්ප්‍රදායන් ලෙස පිළිගැනෙන එක් නර්තන ක්‍රමයකි. ඉන්දියාවේ අගනුවර ලෙසින් පිළිගැනෙන දිල්ලිය කේන්ද්‍රකොට ගෙන මෙකී නර්තනය ව්‍යාප්ත ව ඇත. කථක් නැටුමට අදාළ ප්‍රධාන ගුරුකුල හෙවත් " ඝරානා" තුනක් ඇත. (ඝරානා, යනු ගුරුකුලය යන අරුත් දෙන පාරිභාෂික වචනයකි.)
* ලාහෝර් ඝරානා
* ලක්‌නව් ඝරානා
* ජායිපූර් ඝරානා
යනු එකී ප්‍රධාන ගුරුකුලයන් තුනයි.
ඉන්දියාවේ ඉතා බලසම්පන්න මුස්‌ලිම් අධිරාජ්‍යයෙක් වූ " මෝගල් " රාජ්‍ය සමයේ දී කථක් නැටුම ආරම්භ වූයේ යැයි පිළිගැනේ. රාජසභා නර්තන ක්‍රමයක් ලෙස ප්‍රභවය ලැබූ කථක් නර්තනය ශෘංගාරාත්මක නර්තන විශේෂයකි. රාජ සභාවේ රාජකීයයන් සහ අනෙකකුත් ප්‍රභූන් පිනවීම මෙ නර්තනයේ අරමුණ විය.