කථකලි නර්තනය පුහුණු, වන ආධුනිකයා ඒ සඳහා දැඩි කැපවීමකින් කටයුතු කළ යුතුය. දවසකට පැය දහයක්, දොළහක් පමණ කාලයක් නිතිපතා අභ්‍යාස කළ යුතුය. "අක්‌ෂි අභ්‍යාස" මෙහිදී විශේෂ තැනක් ගනී. විවිධ ආකාරයෙන් ඒ ඒ මේ අතට හරවමින් කරන අකෂි අභ්‍යාස වලින විවිධ භාවයන් ප්‍රකාශනයට අවශ්‍ය ලෙස " ඇස " හැසිරවීමේ හුරුව ලබයි. එසේම " කච්ච කෙට්‌ට " අභ්‍යාස නැමැති විශේෂ අභ්‍යාස මාලාවක් ද කථකලි නර්තනයේ යෙදෙන්නන් විසින් ප්‍රගුණ කළ යුතු ය.
එළිමහන් ස්‌ථානයක් (බොහෝ විට දේවාල අසල මිදුලේ) මෙම නර්තනය රඟ දක්‌වනු ලැබේ. කථකලි නර්තනයට රඟ දක්‌වන බව ජනතාව වෙත දුනුම් දෙන්නේ වරින් වර කරන විශේෂ බෙර වාදනයක් මගිනි. පුරා රාත්‍රියක් මුළුල්ලේ මෙම නර්තන රඟ දක්‌වනු ලැබේ.
කථකලි නර්තනයේ ඇති ඉතාම වැදගත් ලකෂණය නම් එහි ඇති වෙස් ගැන්වීමේ ක්‍රමයයි. මෙහි වෙස් ගැන්වීමට බොහෝ කාලය ගත වේ. ඇතැම් අවස්‌ථාවල පැය තුන හතරක කාලයක් එක් චරිතයක් සඳහා ගතවන අවස්‌ථා ඇත. හාල්පිටි වලින් සකස් කරගත් තලපයක් වැනි ඇලෙනසුලු ගතියෙන් යුත් "පිටි බදාමයක්" මේ සඳහා යොදා ගැනේ. එය හඳුන්වන්නේ "චුටි" යන නමිනි. මෙම තලපය යොදාගෙන මුහුණෙහි වෙස් මුහුණකට සමාන ආකෘතියක් නිර්මාණය කෙරේ. ඒ මත සුදු, කොළ, රතු, කළු, කහ වර්ණ යොදාගෙන රේඛාවන් අඳිනු ලැබේ. මොවුන් යොදන ශිර්ෂ පළඳනාව හඳුන්වනු ලබන්නේ "කිරීටම්" යන නමිනි. වෙස් ගැන්වීමේ දී යොදා ගන්නා වර්ණ සහ ඇඳුම් පැළදුම් සඳහා යොදා ගන්නා වර්ණ චරිතයේ ස්‌වභාවය අනුව වෙනස් වේ. සුර, අසුර - රාක්‌ෂ, මුනි වැනි චරිත සඳහා යොදන වර්ණ විශේෂතාවය අනුව දුෂ්ඨ චරිත, විර චරිත, රාක්‌ෂ චරිත, දේව චරිත වෙන් කොට හඳුනා ගත හැකිය. වේශ නිරූපණයේ දී ඇස් රත් පැහැ ගැන්වීම සඳහාත්, ඇස් ඉදිරියට නෙරා ඒමේ ස්‌වභාවය ඇති කිරීම සඳහාත් "බටුමල්" වලින් තනා ගන්නා විශේෂ ද්‍රව්‍යයක් ඇස්‌වලට දමනු ලැබේ.
කථකලි නැටුම්වල එන සියලු ම චරිත සඳහා පිරිමින් යොදා ගැනීම මෙහි සුවිශේෂ ලක්‌ෂණයකි. චිරාත් කාලයක් තිස්‌සේ පැවත ගෙන එන සම්ප්‍රදායන් එලෙසම ආරක්‌ෂා කර ගැනීමට කැමැත්තක් දක්‌වන කථකලි නර්තන ශිල්පියා, නර්තන දැක්‌වමේ දී ඔහුගේ ස්‌වභාවික මානුෂ චරිත ලක්‌ෂණය ප්‍රේක්‌ෂකයන්ට අමතක වී යයි. ඔහු සැබවින්ම දකින්නේ සාමාන්‍ය මිනිසෙක් නොවේ. තමාගේ සිතෙහි මවා ගත් " අර්ජුන්, රාම හෝ රාවණාගේ " ප්‍රති නිර්මාණයයි.