දකුණු ඉන්දියාවේ කේරලය නිජබිම කොටගෙන උපන් කථකලි නර්තනය ඉන්දියාවේ මහා සම්ප්‍රදායන් ලෙස පිළිගැනෙන නර්තනයන්ගෙන් එකකි. වර්තමාන කථකලි නර්තනයේ ඉතිහාසය ශත වර්ෂ තුනකට වඩා පැරණි නොවේ යැයි සැලකේ. එසේ වුව ද මෙම නර්තනයේ මූලාරම්භය වසර දහස් ගණනක් ඈත අතීතයට දිව යයි.
කේරලයෙහි අතීතයේ දී පැවති " කෘෂ්ණ ආට්‌ටම්, රිමන් ආට්‌ටම්, කකුඩියාට්‌ටම් " නමැති නාට්‍ය ක්‍රම කථකාලි නර්තනයේ ප්‍රභවය කෙරෙයි බලපෑ බව පිළිගැනීමයි.
"කථකාලි" යන්නෙහි සාමාන්‍ය අරුත "කථා නාටක" යන්නයි. " රාමායනය, මහා භාරතය " වැනි ඉන්දියානු කාව්‍යවල එන කතා පුවත් හා චරිත මෙහි දී නර්තනය කෙරේ. කථකලි නාටකවල එන ඇතැම් ජනප්‍රිය කතා පුවත් රචනා කරන ලද රචකයන් අතුරෙන් ක්‍රි. ව. 1665-1743 දක්‌වා රජ කළ "තම්පුරම්" රජතුමා ප්‍රමුඛත්වයක් ගනී. "කල්කේය වධ" කල්‍යාණ "සෞගන්ධිකාම්" ආඳී කතා පුවත් එතුමාගේ රචනා ලෙස සැලකේ.
කථකාලි නර්තනයේ පුනර්ජීවනයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මහා කවි " වල්ලිතෝල් නාරායන මෙනන් " ය. ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද "කෝරල කලා මණ්‌ඩලය" නැමැති ආයතනය කථකාලී නර්තනයට තෝතැන්නක් බඳු විය. කථකාලි නර්තනය නගා සිටුවීමේ පුරෝගාමී දායකත්වය ලබා දුන්නවුන් අතර "බාලවර කේලරවර්මා" "අස්‌වදි තිරුනාල් මහාරාජ්" යන අය ද වැදගත් ස්‌ථාන හිමිකර ගනිති.
කථාකල නර්තනය අසීරු මුද්‍රා විධි රාශියකින් යුක්‌ත නර්තන ක්‍රමයකි. මෙය නර්තන ක්‍රමයකට වඩා ආංගිකාභින, අහාර්යාභින යනාදියෙන් පූර්ණ වූ නෘත නාටක ක්‍රමයක් ලෙස හැඳින්විය හැකි ය. ශරීරයේ අංගප්‍රත්‍යංග හැසිරවීම මගින් ද විවිධ හස්‌ත සංකේත (මුද්‍රා) මගින් ද විවිධ අභිනයන්ගෙන් ද නර්තන ශිල්පියා චමත්කාරජනක ලෙස කතා පුවතක් ප්‍රේක්‌ෂකයන් වෙතට ගෙන එයි.