කෝලම් කවි නොහොත් කෝලම් නාටක යනුයෙන් හඳුන්වන පහතරට සම්ප්‍රදායට අනුව කරනු ලබන ජන නාටකයන්හි කතා පුවත විකාශය වන්නේ ගායන, වාදන සහ සංවාද සහිත රංගනයක් ලෙසිනි. කෝලම්වල යෙදෙන ගායනා අතර විවිධ තාලරූප අනුව කරනු ලබන ගායනා ඇතත් බහුලව යොදා ගනු ලබන්නේ මාත්‍රා හතරේ තාල රූපය හා මාත්‍රා තුනේ තාල රූපයයි. ඇතැම් අවස්‌ථාවලදී ගායන ලක්‌ෂණය අනුව මෙම ගීත මාත්‍රා මැදුම් මහ දෙතිත (3-4) තාල රූපය අනුවත් ගායනය කෙරේ. ඇතැම් ගායනා පසුබිමින් ගැයෙන අනාඝාතාත්මක පැදි ය. බොහෝ අවස්‌ථාවල දී ගායනා දක්‌වනු ලබන්නේ මාධ්‍ය ලයට අනුව ය.
අනාඝාතාත්මකව යෙදෙන පැදි
පෙර සිට පැවත එන
දිරිතට පොදිය බැඳ ගෙන
උරපිට දරා ගෙන
මෝඩ ජසයා ඒය දුව ගෙනන
මුදලි කම් ලැබ ගෙන
කස්‌තාන ගෙලෙහි පළදි න
සේවකයකකු සමගින
රාලහාමි සබේ වඩිමන
ලෙංචිනාගේ කවි
·
සිරසලටා ගෙතු මල් වඩම් - හිස
මතුපිටා දිලි තෛලයෙන්
සුවඳට මල්වල එරොන් - ගෙන
යන්නටා එති රැළ බිඟකුන්
සාර ලෙසට මහනා මැහුන් - තව
බීරලු ගොතනා පටිවලින්
නෑර ලියන්නට ඕනෙ නන් - මම
සූර ලෙසට දෙමි සන්තොසින්
ජසයාගේ කවි
මේ ගම් පියසේ හේනේ මාමල කොච්චර හිටියත් මං වගෙ වෙත නෑත
රජ වාසලයෙන් සළුපිළි අරගෙන යන්නමි රජු වඩිනා පෙරමුණයට
දෙවනුත් යමි මම මේ පුරයට වට පිරුවට ඳී කිලුටුත් අරගන්නට
අප්පුහාමි මට සල්ලි නුදුන්නොත් තැබෑරුමෙ තියා බොන්නෙමි රෙදි ටික
අනාඝාතාත්මකව යෙදෙන පැදි
පෙර සිට පැවත එන
දිරිතට පොදිය බැඳ ගෙන
උරපිට දරා ගෙන
මෝඩ ජසයා ඒය දුව ගෙනන
මුදලි කම් ලැබ ගෙන
කස්‌තාන ගෙලෙහි පළදි න
සේවකයකකු සමගින
රාලහාමි සබේ වඩිමන
ලෙංචිනාගේ කවි
·
සිරසලටා ගෙතු මල් වඩම් - හිස
මතුපිටා දිලි තෛලයෙන්
සුවඳට මල්වල එරොන් - ගෙන
යන්නටා එති රැළ බිඟකුන්
සාර ලෙසට මහනා මැහුන් - තව
බීරලු ගොතනා පටිවලින්
නෑර ලියන්නට ඕනෙ නන් - මම
සූර ලෙසට දෙමි සන්තොසින්
ජසයාගේ කවි
මේ ගම් පියසේ හේනේ මාමල කොච්චර හිටියත් මං වගෙ වෙත නෑත
රජ වාසලයෙන් සළුපිළි අරගෙන යන්නමි රජු වඩිනා පෙරමුණයට
දෙවනුත් යමි මම මේ පුරයට වට පිරුවට ඳී කිලුටුත් අරගන්නට
අප්පුහාමි මට සල්ලි නුදුන්නොත් තැබෑරුමෙ තියා බොන්නෙමි රෙදි ටික