සොකරි කවි, නාටකයේ යෙදෙන ගායනා සරල බස් වහරකින් රචිත ගීත විශේෂයකි. බස් වහර සේම නාද මාලාව ද සරල ය. සොකරි ගැමි නාටකයේ යෙදෙන ගායනා බොහොමයක් මැදුම් තනි තිතට අනුව මධ්‍ය ලයෙන් ගායනා කරනු ලැබේ.
බෙරපදය : දොංජි ජිගත
වතුර සොයන්නට ගුරුවා යනවා
ලබුකර අරගෙන පිටත්ව යනවා
යන එන අයගෙන් පාර අසනවා
කුඹුකේ ළඟ එම ළිඳ පෙන්නනවා
දේසේ සිට ආ එගුරු මහල්ලා
දියට යාය ලබු කැටයක් එල්ලා
තඹරාවට වෙදරාලගෙ බල්ලා
ගුරුවගේ කුකුලේ කාපි බොලල්ලා.
සොකර එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
යාල් විතර ව අව්වේ වේලාලා
දොළහක් විතර ගෝමර බඳවට ඉසිලා
අතක් දිගට නිල්වරලස මිඳීලා
සොකරි සිටිති අව්වේ වනාලා
බෙරපදය : දොංජි ජිගත
වතුර සොයන්නට ගුරුවා යනවා
ලබුකර අරගෙන පිටත්ව යනවා
යන එන අයගෙන් පාර අසනවා
කුඹුකේ ළඟ එම ළිඳ පෙන්නනවා
දේසේ සිට ආ එගුරු මහල්ලා
දියට යාය ලබු කැටයක් එල්ලා
තඹරාවට වෙදරාලගෙ බල්ලා
ගුරුවගේ කුකුලේ කාපි බොලල්ලා.
සොකර එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
යාල් විතර ව අව්වේ වේලාලා
දොළහක් විතර ගෝමර බඳවට ඉසිලා
අතක් දිගට නිල්වරලස මිඳීලා
සොකරි සිටිති අව්වේ වනාලා
