වේශ නිරූපණය සහ රංග වස්‌ත්‍රාභරණ යොදා ගැනීම.
  කෝලම් නැටුම් සඳහා යොදා ගන්නා වෙස්‌ගැන්වීමේ ක්‍රමයේ ඇති විශේෂතාවය වන්නේ වෙස්‌ මුහුණු භාවිත කිරීමයි. සොකරි ගැමි නාටකයේ මෙන් කෝලම් නාටකය සඳහා තාවකාලික වෙස්‌ මුහුණු යොදා නොගැනේ. ඒ සඳහා ම විශේෂයෙන් සැකසූ කදුරු ලීයෙන් කපා වර්ණ ගැන් වූ සාම්ප්‍රදායික වෙස්‌මුහුණු ගණනාවක්‌ කෝලම් නාටක සඳහා භාවිත කෙරේ.
 
 
ජසයාගේ චරිතය
 
කෙටි උඩු රැවුලකින් සහ අපිළිවෙළින් පිහිටි දත් කිහිපයකින් ද යුත් වෙස්‌ මුහුණක්‌ පැළඳි ජසයා කුඩා කරුංකා පුවක්‌ ගෙඩියක තරමේ කොණ්‌ඩා පොඩියක්‌ හිස පිටුපසින් වන ලෙස බැඳ ඇත. පට සරමක්‌ ඇඳ ලේන්සුවක්‌ ඉණේ බැඳ ඇති අතර උරයේ රෙදි පොට්‌ටනියක්‌ එල්ලාගෙන සිටී. එක්‌ අතකට ලේන්සුවක්‌ ගෙන ඇත.
 
 
ලෙංචිනාගේ චරිතය
 
කම්බායකින් සහ හැට්‌ටයකින් සැරසී ඇත. මඳ සිනාවක්‌ නිරූපණය කරන වෙස්‌ මුහුණක්‌ පැළද ඇත. කොණ්‌ඩය ගැට ගසා මල් ගවසා ඇත. දෑතට වළලු දමා ඒක අතකින් ලේන්සුවක්‌ ගෙන සිටී.
 
 
මුදලි
 
ටුවිට්‌ රෙද්දකින් සහ කළු කෝට්‌ එකකින් සැරසී ඇත. රන් බොත්තම් සවිකළ එහි දමිවැලක්‌ ද, ඒකාංශ කොට දමාගත් බාපනයකින් ද සැරසී සිටී. කස්‌තාන පැළඳ, අතේ බස්‌තමක්‌ ද කෝට්‌ බෑයේ උඩු සාක්‌කකුවේ ලේන්සුවක්‌ ද දමා ඇත. දෙපසට කවකවන ලද උඩු රැවුලක්‌ සහිත කහ පැහැති වෙස්‌ මුහුණක්‌ පැළඳ ඇත. හිස නැමි පනාවක්‌ ගසා කොණ්‌ඩය පිටුපසට වන සේ බැඳ ඇත.
 

 හෙංචා
 
යටි කයට රෙද්දක්‌ ඇඳ තවත් රෙඳි කඩක්‌ ඉණ වටා රඳවාගෙන ඇත. උඩුකය නග්න ය. පසෙකට ඇඳ ව ගිය අවලකෂණ මුඛයක්‌ සහිත වෙස්‌ මුහුණක්‌ පැළඳ සිටී. අතේ තල්කොළ අත්තක්‌ ගෙන ඇත.
 
 අප්පුහාමි
 සරමකින් සහ බැනියමකින් සැරසී සිටී. සිහින් උඩු රැවුලක්‌ සහිත වෙස්‌ මුහුණක්‌ පැළඳගෙන ඇත.
 
 මේ ආකාරයෙන් ජසකෝලම නැමැති ගැමි නාටකයේ විවිධ චරිත එම නාටකය සඳහා උචිත රංග වස්‌ත්‍රාභරණවලින් සැරසී සිටී.
(c) Shilpa Sayura Foundation 2006-2017