රඟමඩල හා රඟමඩල සැරසිලි
  කෝලම් නාටකය සඳහා රඟමඩල ලෙස යොදා ගන්නේ එළිමහන් බිම් පෙදෙසකි. කවාකාර ලෙස තනාගනු ලබන රඟ මඬල හඳුන්වන්නේ " තානායම්පොළ" යනුවෙනි. තානායම්පොළ හෙවත් රඟමඬල වෙන්කර ගනු ලබන්නේ වටේට ලණු ඇද සීමාව වෙන්කර ගැනීමෙනි. රඟමඩලේ එක්‌ පසෙකින් ගොක්‌කොළ සහ කෙසෙල් පතුරුවලින් සකස්‌ කරන ලද මල් යහනකි.
 
 රඟමඬලේ පසුපසින් නළුවන්ට මුවාවීම සඳහා "වෙස්‌ අත්ත" නමින් හඳුන්වන විශේෂ ආවරණයක්‌ ඉදිකර ඇත. ගොරොක්‌ ගස්‌ දෙකක්‌ සිටුවා ඒ හරහා මෝල්ගස්‌ බැඳ බුරුල්ල කොළ සහ පුවක්‌ අතුවලින් මෙය සැරසිලි කර ඇත. කෝලම් රඟමඬල මෙන්ම කෝලම් මඩුවේ සැරසිලි ද සරල ය. චාම් ය. රඟමඬල මෙන්ම කෝලම් මඩුවේ නළුවන්ට සැරසීම සඳහා මඩුවක්‌ ද ඉඳිකර ඇත. ප්‍රේක්‌ෂකයන් කෝලම් නාටකය නැරඹුවේ වටේට වැඩි වී ඉඳගෙනය.
 
 අතීතයේ දී කෝලම් රඟමඬල ආලෝකවත් කරන ලද්දේ කොප්පරා පන්දම් සහ උණ බම්බු භාවිතයෙනි. පසු කලෙක මේ සඳහා ලන්තෑරුම් සහ පෙට්‌ට්‍රෝල් ලාම්පු යොදා ගන්නා ලදී. සොකරි නාටකයේ ඳී මෙන්ම කෝලම් නාටකයේදී ද ප්‍රේකෂකයන් සහ නළුවන් අතර කිට්‌ටු සම්බන්ධතාවක්‌ පැවතීම මෙම නාටක වල කැපී පෙනෙන ලකෂණයකි. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017