කෝලම් නාටකය ජීව ගුණය ඉස්‌මතු කර දක්‌වන්නේ එහි යෙදෙන ගායන, වාදන හා සංවාද මගිනි. එමගින් චරිතයේ මූලික හැඩය නැතහොත් ආකෘතිය නිර්මාණය කරයි.
ජස කෝලමේ එන ජසයාගේ චරිතය පිළිබඳ චිත්ත සංකල්පය මතු කරන්නේ ගායනයෙනි. තමා හා සමානව රාජකාරි ඉටු කළ හැකි වෙනත් කෙනෙක් නොමැති බවත්, තමා රජවාසල ඇත්තන්ට මෙන් ම පුරවරයේ සිටින සියලු ම පුරවැසියන්ට පිරුවට (සේදු රෙදි ) ලබා දී ඔවුන්ගේ කිලිටු ගෙන එන බවත්, තමා වෙත මුදල් නොදෙන්නේ නම් රෙදි ටික තැබෑරුමේ උගසට තබා හෝ සුරාපානයෙහි යෙදෙන බවත්, ජසයා සිය ගායනයෙන් කියා සිටී. එමගින් ජසයාගේ චරිතයේ එක් දුර්වලතවයක් එනම් ඔහු සුරා සොඬෙකි යන ආරංචිය ප්‍රේක්‌ෂකයන් වෙත දැන ගැනීමට සලස්‌වයි.
තැබෑරුමට ගොස් අඩියක් ගහගෙන
යඤඤයි පුතා වගෙ වැනි වැනි ගෙදරට
අපේ ගෙදර උන්දෑ දැන ගත්තොත්
මගෙ මේ කෙස්‌ටික හිඳිනව සත්තයි
යනාඳී වශයෙන් ගැයෙන ගීතයෙන් ඔහුගේ චරිතය තුළ සැඟව ඇති නිවට නියාලු බව ප්‍රකාශ වෙයි. ගායනයෙන් ප්‍රකාශිත අරුත ප්‍රේක්‌ෂකයාට පැහැදිළිව තේරුම් ගත හැකි වන ආකාරයෙන් ගායනය ඉස්‌මතු කර දැක්‌වීමට ගායනය සමඟ යෙදෙන වාදනය මෘදුව දැක්‌වීමත්, ගායනයෙන් තොරව යෙදෙන අනුකරණ කොටස් නිරූපණය කරන අවස්‌ථාවල දී වාදනය තීව්‍ර කොට දැක්‌වීමත් මෙහි විශේෂත්වයකි. එමගින් නර්තන අවස්‌ථා, ගායන අවස්‌ථාවෙන් වෙන්ව කැපී පෙනේ. එසේම චරිත ලක්‌ෂණය අනුව ගායනය වාදනය හා නාද රටාව වෙනස්‌ව යොදා ගැනීම මගින් චරිතයට අපූර්වත්වයක් එක් කරයි. ලෙංචිනා සඳහා යොදන ගායනා කෙටි විරිතක් ගැනීම ඊට හොඳ නිදසුනකි.
මව්පියෝ නිදහස් වෙන්නටා
මාව දුන්නයි නාකි වූ හමෙකුටා
උන්දල හට කඹුරන්නටා
යැද ඉන්නෙ සුරන් හට දෙස් කොටා
නාටකය තුළ එන නිරූපණ අවස්‌ථා සඳහා බෙරපද යොදාගෙන ඇති ආකාරය විශේෂ සැලකිල්ලක් යොමු කළ යුතු යි. රෙදි සේඳීම, රෙදි ගලේ ගැසීම, රෙද්දේ දිය මිරිකා හැරීම, රෙදි වැනීම වැනි රූපණ අවස්‌ථා සඳහා යොදාගෙන ඇත්තේ එයට ගැළපෙන කෙටි බෙරපදයි. නාට්‍යමය අවස්‌ථාව උද්දීපනය කිරීමට එයින් ලැබෙන්නේ බලවත් රුකුලකි.
නාට්‍යයේ ගායන වාදන සමඟ සංවාද ගළපා ගැනීම ඉතා යෝග්‍ය ආකාරයෙන් හසුරුවා ඇත. පහත දැක්‌වෙන දෙබස් කාණ්‌ඩය දෙස බලන්න.
(ලෙංචිනා මහ හඬින් හඬමින් ජසයා ළඟට දුවගෙන එයි)
ජසයා: මොකද යකෝ තෝ බෙරිහන් දෙන්නෙ?
ලෙංචිනා : යන්කෝ ගෙදර - කොලුව මැරුණා
ජසයා: මොකා බොල කීවෙ... කොලුව මළා අප්පෝ මයේ කොල්ල මළා? අපි යෝදියෙ බේතක් හේතක් කළේ නැද්ද?
ලෙංචිනා : මම කරුවත් එක්‌ක ගියා වාද්දුවට
ජසයා: හරි හරි සාත්තුවට, සාත්තුවට ගිය හින්දා තමයි කොල්ල නැති උනේ.
ලෙංචිනා: සාත්තුවට නෙවෙයි දෙයියනේ වාද්දුවට. වාද්දුව වෙද ගෙදර වෙද මහත්තයගෙ පුතා හිටියෙ. එයා තමා මාව බැලුවෙ.
ජසයා: මොකක්‌ද? බොල කිව්වෙ? තොටද ලෙඩ උනේ. කොල්ලට ද?
ලෙංචිනා: ලොකු වෙද මහත්තය එනකන් එයා බැලුව. බලල කිව්ව.......
ජසයා: බලල.........? බලල නෙමෙයි බල්ල
ලෙංචිනා: එයා කිව්වා මම අව්වෙ කැරකිල ළමයට කිරි දීල තමයි මේක වෙලා තියෙන්නෙ කියල. හීල් හෙවණෙ ඉඳන් බේත් කළාම හරියනවයි කියල මට නවතින්න කිව්ව බේත් කරන්න.
ජසයා: මොනවද බොල මේ තෝ දොඩවන්නේ තොට බේත් දුන්න ද?
ලෙංචිනා: ඔව් සූකිරි, මී පැණි, වැල් මී මුද්දරප්පලම්.
ජසයා: ඔව් අරපලම්, මේ පලම් හරි හරි ඉතින් කියාපිය සීනියි මී පැණියි.
ලෙංචිනා: සීනියි. මී පැණියි. මිස්‌සර කරන්නයි කිව්වා.
ජසයා: ඒ කියන්නේ සිනී ඉස්‌කර කරලා මී පැණි පස්‌සට කරනවා.
ලෙංචිනා: ඒක නෙවෙයි මනුස්‌සයෝ මිශ්‍ර කරනවා.
(අප්පුහාමි එයි)
අප්පුහාමි: ජසයා උඹ මෙතන ඇවිල්ලා රණ්‌ඩු කරනවා දැන් මුදලිතුමා එන වෙලාවත් හරි. උඹලා රාජකාරිය කරල ඉවර ද?
(පසුබිමින් මුදලිගේ කවි ගායනය කරයි)
රුවින් නෙක වරුණේ
යසින් සිරි දුරු පොරණේ
පසන් ගන නද නේ
මෙදුන් මුදලිඳු සබේ වඩිනේ
මෙසේ කවියත්, වාදනයත්, සංවාදත්, නර්තනයත් යන සියල්ල ම මනා ලෙස සංයෝජනය වීමෙන් කෝලම් නාටකය ඔපවත් ව ඇත.