කිසියම් නාටකයක හො නර්තන අංගයක රංග උපකරණ භාවිතයෙන් අපේකෂා කරනුයේ රංගනයෙන් තීව්‍ර භාවට ඇති කිරීමයි. කෝලම් නාටකවලදී ද රංග උපකරණ භාවිත කරන විවිධ අවස්‌ථා ඇත. ජසකෝලමේ ජසයා විසින් උරේ එල්ලාගෙන එන රෙදි පොට්‌ටනිය ( පිළි පොට්‌ටනිය ) ලෙංචිනාගේ අතේ ඇති ලේන්සුව, මුදලිගේ ඇත රැඳි බස්‌තම සහ ලේන්සුව, හෙංචාගේ අතේ ඇති තල් අත්ත එහි දී යොදාගනු ලබන රංග උපකරණ කිහිපයකි. මෙසේ රංග උපකරණ භාවිතයෙන් අපේකෂා කරනුයේ චරිතයේ ජිවගුණය වඩාත් පෝෂණය කිරීමයි.
ලෙංචිනාගේ සහ අප්පුහාමිගේ සබඳතාව දකින ජසයා කෝපයට පත්වෙයි. ඔහු තමන්ගේ කෝපය, නැතහොත් ආවේගය ප්‍රකාශයට පත් කරන්නේ "පිළි පොට්‌ටනිය" පොළොවේ ගැසීමෙනි. එපමණක් නොව ජසයා මුදලි, හෙංචා සහ අප්පුහාමි එළවා දමන්නෙත් පිළිපොට්‌ටනිය දමා ගැසීමෙනි. පිළි පොට්‌ටනියේ තැළීම් කවරෙකු හෝ කළ හැකි උපරිම අපහාසයයි. මෙසේ මුදලි සහ අප්පුහාමිගේ මාන්නය බිඳීම සඳහා සහාය කොට ගත්තේ එකී පිළිපොට්‌ටනියයි.
ලෙන්චිනා ගමනේ යෙදෙන්නේ තමන්ගේ අත රැඳි ලේන්සුව අපූරු ආකාරයකට දෙපසට චලනය කරමිනි. එය වරෙක එක් අතකට ද තවත් වරෙක දෙඅතින් ද ගනී. අතේ දබරඟිල්ල සහ මාපටගිල්ලේ තුඩින් අල්ලා ගන්නා ලේන්සුව විටෙක දෙපසට වනමින් ද විටෙක ඇඟිල්ල වටේ ඔතමින් ද යන ගමනින් මතු වන්නේ දැඩි අනුරාගී ස්‌වරූපයකි. එකී අනුරාගී බව මතුකර දැක්‌වමට රංග භාණ්‌ඩය ලෙස යොදා ගත්තේ ලේන්සුවයි.
ජස කෝලමේ එන මුදලි සැරයටියක් බිම අනිමින් යා යුතු තරමේ වයෝවෘධයකු නොවේ. එය මනා පුද්ගල පෞරුෂයක් දැක්‌වෙන මැදිවිය චරිතයකි. එසේ නම් බස්‌තමක් කුමකට ද? එය රංග උපකරණයකි. බස්‌තම අතට ගැනීමෙන් මුදලිගේ චරිතයට මාන්නාධික ලක්‌ෂණයක් ආරෝපණය වේ. ඔහු වරෙක බස්‌තම බිම අනියි. විටෙක එය කරකවයි, තවත් වරෙක එයින් හෙංචාට පහර දෙයි. එකී සැම අවස්‌ථාවක දීම කරන්නේ බස්‌තම රංගනය තීව්‍ර කිරීම සඳහා රංග උපකරණයක් ලෙස යොදා ගැනීමයි. මුදලිගේ චරිතයේ ඇතැම් තැන්වල දී අත රැදි ලේන්සුව සුරතට ගෙන මුහුණට පවන් සලා ගනී. බෙරයේ තාලයට අනුව පාද තබමින් ගොස් කණ්‌ඩිලම් අවස්‌ථාවේ ඳී (විරාමයේ දී) තාලානුකූලව එකී කාර්යයේ යෙදෙන ආකාරය චමත්කාර ජනකය. ලේන්සුවෙන් පවන් සලන ගමන් හිස දෙපසට හැරවීම මගින් චරිතයට සුවිශේෂ තේජාන්විත ලකෂණයක් ආරෝපණය කර ගනී.
කෝලම් නාටකයේ එන "හෙංචා" තමන්ගේ අතේ ඇති තල් අත්ත මුදලිගේ හිසට උඩින් අල්ලාගෙන පසුපසින් යයි. තල් අත්ත ඇල්ලීමෙන් කරන්නේ මුදලිට ගෞරවයකි. හෙංචා තල්අත්ත රැගෙන ගොස් විටෙක ලෙංචිනාගේ හිසට අල්ලයි. ඇතැම් විටෙක ජසයාගේ හිසට අල්ලයි. එමගින් කරන්නේ මුදලිතුමාගේ චරිතය සියුම් ලෙස උපහාසයට ලක් කිරීමයි. එකී උපහාසය ප්‍රේකෂකයා වෙත සන්නිවේදනය කරන්නේ තල්අත්ත රංග උපකරණයක් ලෙස යොදා ගැනීමයි.