කෝලම් නාටකවල චරිත නිරූපණය සඳහා නර්තනය යොදාගෙන ඇතිතේ අපූරු ප්‍රතිභාවක් දක්‌වමිනි. ජසයාගේ ගමන සඳහා යොදාගෙන ඇති " දොං දැහිං ගුඳ ගුඳ දැහිං " යන බෙරපදය විරාම ලකෂණ සහිතව වාදනය කිරීමේදී ඊට අනුරූපව කකුල නොණ්‌ඩි තබමින් ඇවිදින ජසයාගේ නර්තන විලාශය කදිමට නිරූපණය කර ඇත. ඔහු ඇතැම් තැන්වලදී බෙර පදයට අනුව අත්පුඩි ගසයි. නමුත් අත් දෙක එකට නොගෑවේ. ඔහුගේ ඉන්ද්‍රීය සමායෝජනයේ ඇති දුර්වලතාව නිරූපණය කිරීමට නර්තනය යොදාගත් ආකාරය කෙතරම් උචිත ද?
ලෙංචිනාගේ නර්තනය සකස් කර ඇත්තේ ශෘංගාරයත්, හාස්‍යයත් මතුවන අයුරිනි. " දොංත ගතකු ගුඳ'' බෙර පදයට අනුව ගමනේ යෙදෙන ලෙංචිනා, ඉඟි බිඟි අඟර දඟර මෙන් ම කෝමල බව හා ලාලිත්වය තම නර්තනයෙන් නිරූපණය කරයි.
මුදලිතුමා එන්නේ
"ගත ගුං - රිං ගත ගත්තම් ගදිත ගතම් - ගත්තම් ගදිත ගතං ගත ගුං ගකුඳ ගකුඳ තකු දොං''
යන බෙර පදයට අනුව ය. විලම්බ ලයෙන් වයන බෙර පදයට අනුව ලේන්සුවෙන් පවන් සලා ගනිමින් බස්‌තම බිම අනිමින් එන මුදලිගේ නර්තනයෙන් තේජාන්විත බවක් මතුකර දක්‌වයි. ඔහු පාද තබන්නේ දැඩි අභිමානයකිනි. බෙර පදයටත්, එය වාදනය කරන ලයටත්, අනුව හෙංචාත් සමඟ යන මුදලිතුමාගේ නැටුම සිත් ගන්නා සුලු ය. එකම බෙර පදයක් තුළ චරිත දෙකක් ආකාර දෙකකට හැසිරවීමක් මෙහි දී දක්‌නට ඇත. බර අඩි තබමින් යන මුදලිගේ නර්තනය සමගින් සරලව සහ සැහැල්ලුවට දුවපනිමින් යන හෙංචාගේ රංගන විලාශය ඔහුගේ චරිත ස්‌වභාවයට ගැළපෙන ලෙස නිර්මාණය කර ඇත. එම නැටුම් දෙක එක ම බෙර පදයක් තුළ ආකාර දෙකකට නිර්මාණය කර ඇත්තේ අපූරු ප්‍රතිභාවක් දක්‌වමිනි.