කෝලම් නාටකයේ එක් එක් චරිතයේ බාහිර පෙනුම, චරිතයේ ගති ලක්‌ෂණය යන කරුණු දෙක ම එකී අරමුණු වෙත ළඟාවීම සඳහා යොදාගෙන ඇති ආකාරය අපූරු ය. ජස කෝලම ඇසුරෙන් විමසා බැලිමේදී එහි සෑම චරිතයක්‌ම ඉතාමත් දක්‌ෂ ලෙස තේමාවට ගළපාගෙන ඇති ආකාරය පැහැදිලි වේ.
ජසයාගේ බාහිර පෙනුමින් ඔහු විරූපී, කුදු, නොණ්‌ඩි, විසිළු පෙනුමක් ඇත්තෙක් ලෙස දක්‌වයි. ඔහු මත්පැනට ලොල්ය. ඔහුගේ කාර්යය වන්නේ ගම්වාසීන්ගේ කිලිටු රෙදි සේදීමයි. පැරණි සමාජයේ කුල බෙදීම අනුව ඔහු අයත් වන්නේ හීන යයි සම්මත පහත් කුලයකට ය. එහෙත් ඔහු ගමට අත්‍යවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරන්නෙකි. එබැවින් ඔහු තමාට ජසයා යැයි අවමානයෙන් ඇමතීම නුරුස්‌සයි. තමා ද සැලකුම් ලැබීමට සුදුසු, ගරු නම්බු දී කතා කළ යුත්තෙක් බව සිතයි. නාටකයේ එන ඇතැම් අවස්‌ථාවක තමාගේ රෙදි ටික සොදා ගැනීමට උදව් වන ලෙස උසස් යයි සම්මත කුලයේ අයටත් කියයි. මෙසේ පුද්ගල විෂමතා හා සමාජ ගැටලු මගින් හාස්‍ය රසය මතු කිරීමට චරිතය මගින් උත්සාහ කර ඇත.
ලෙංචිනාගේ චරිතයේ දී ද එම ලක්‌ෂණයම වෙනත් ආකාරයකින් පෙන්වයි. ඇය තමාගේ රූපයත්, ඉඟිබිඟි හා අඟර දඟර පෑමත් යොදා ගෙන තරුණයින් වසඟකර ගැනීමට උත්සාහ කර ඇත.
මද්දවලා සුදු කෝට් එකත්
මිල දුන්නෙ නැතේ අර තරුණයත්
ඇට දෙපොටක් දෙනවයි කියා
මාව රවට ගියේ අර තරුණයා
යන ගායනාවන්ගෙන් ඇය තරුණයන් සමඟ සම්බන්ධතම් ගොඩනගා ගත් ආකාරය පෙන්වයි. අප්පුහාමි සහ ලෙංචිනා අතර හාදකම සියුම් උපහාසයක් මතුකර දක්‌වයි. අප්පුහාමි ගමේ වැදගත් කුලයකට අයිති නම්බුකාරයෙකි. නමුත් හොර රහසේ ලෙංචිනා සමඟ හාද වී ඇති බව පෙන්වීමෙන් එම පිළිගැනීම කෙරෙහි කිසියම් උපහාසාත්මක දෘෂ්ඨි කෝණයක් මතු කරයි. මුදලිතුමා ගමේ ප්‍රභූවරයා ය. ගමේ නඩු - අවනඩු විසඳන විනිශ්චයකරුවා ය. ඔහු අල්ලස් ගෙන අප්පුහාමිට පක්‌ෂ ව කටයුතු කරන බව පෙන්වීමෙන් ගමේ ප්‍රභූ පන්තියේ දුෂිත බව වක්‍ර ආකාරයෙන් සමාජයට ඉදිරිපත් කරයි. මුදලිතුමාගේ ගමනේ ඇත්තේ තේජාන්විත ලක්‌ෂණයකි. එහෙත් ඔහුගේ ක්‍රියා පිළිවෙත එයට ඉඳුරාම වෙනස් ය.
මුදලිතුමාගේ සේවකයා වන හෙංචාගේ රාජකාරිය හිසට තල් අත්ත ඇල්ලීමයි. තල් අත්ත මුදලිගේ හිසට අල්ලන හෙංචා ඉඩක් ලද හැම විටකදීම කරන්නේ තල් අත්ත හිසෙන් ඉවතට ගැනීමයි. ඔහු ලෙංචිනා දෙස බලමින් ඇය වෙතට ගොස් ඇගේ හිසට තල් අත්ත අල්ලා සිටී. මුදලිතුමා තදින් පය පොළොවේ ගසා ඔරවා බලයි. හෙංචා තල්අත්ත ගෙන මුදලිතුමා වෙත දුව එයි. නරඹන්නෝ මහ හඬින් සිනාසෙති. එයින් අර්ථවත් කරන්නේ කුමක් ද? හෙංචා මුදලිතුමාට ගෞරව කරන්නෙත් පක්‌ෂපාතකම් දක්‌වන්නෙත් ඔහු කෙරේ ඇති බිය නිසා ය. එසේ නොමැතිව හදවතින් උපන් ගරුත්වයක් හෝ භක්‌තියක් නිසා නොවේ.
මේ අයුරින් කෝලම් නාටකයේ චරිත, තේමාවට උචිත ලෙස හසුරුවා ගෙන ඇත.