කෝලම් නාටක රාශියක් විවිධ ආකාරයෙන් පවතින නිසා අපි එයින් එක් කෝලම් නාටකයක් තෝරා ගනිමු. ඒ සඳහා "ජසකෝලම'' වඩාත් සුදුසු වන්නේ එය බොහෝ දෙනා අතරේ ප්‍රචලිත කෝලම් නාටකයක් වන බැවිනි.
ජස කෝලමේ කතා පුවත ප්‍රාදේශීය වශයෙන් ඇතැම් වෙනස්‌කම්වලින් යුක්‌ත ය. එසේ වුවද මූලික ආකෘතියේ කිසියම් සමානත්වයක් ඇත. ජසයා, හේනයා නැතහොත් ජස විදානේ ගමේ රෙදි රෙදි අපුල්ලනායි. ඔහු සබයට එන්නේ කිසියම් රාජකාරී කටයුත්තක් ඔහුට පැවරී ඇති බැවිනි. ඔහුගේ රාජකාරිය වන්නේ තානායම් පොළ හෙවත් රඟමඬල සැරසීමයි. පසුබිමින් ජසයාගේ පැමිණීම ගැන සබයට දන්වන්නේ කෙටි කවියකිනි.
පෙරසිට පැවත එන
සිරිතට පොදිය බැඳ ගෙන
උරපිට තබාගෙන
සෝද ජසයා ඒය දුවගෙන
ඔහු සබයට පැමිණ තමා ගැන හැඳින්වීමක් කරයි.
මේ ගම් පියසේ හේනේ මාමල කොච්චර හිටියත් මන්වගෙ වෙන නැත
රජවාසලෙන් සළුපිළි අරගෙන යන්නෙමි රජු වඩිනා පෙරමුණයට
දෙවනුත් යමි මම මේ පුරයට වට - පිරුවට ඳී කිලුටුත් අරගන්නට
අප්පුහාමිල මට සල්ලි නුදුන්නොත් - තැබෑරුමේ තියා බොන්නෙමි රෙදි ටික
මේ පුරයේ හොර චන්ඩි බොහොම ඇත හැන්දෑයාමයෙ පාරෙ තැනින් තැන
නොණ්‌ඩි උනත් මම ඒවට බය නැත - මෙන්න බලවකො ඒවට දෙන බැට
ගුරුන්නාන්සේ : ජසයෝ (ශබ්ද නඟා කථා කරයි)
ජසයා: ජසයා, බසයා, කසයා අම්මප දෙන්න හිතෙනව.............
ගුරු: ජස විදානේ
ජසයා: ආන්න එහෙම කථා කරනවකො
ගුරු: මොකද අද මේ පැත්තේ ජස විදානේ
ජසයා : මම ද? මම අවෙ, මහ බලගතු රාජකාරියකට. මේ අපේ නළු කීර්ති මහා රාජෝත්මයාණන් වහන්සේ මේ ස්‌ථානයට වැඩම කරවන හින්දා උඩට උඩුරියන්........
ගුරු: උඩු රියන් නොවෙයි යෝදයො උඩුවියන්
ජසයා: ආන්න හරි. උඩට උඩුවියන් පයට පපඩම්
ගුරු: ඔය කිව්වේ. පපඩම් නොවෙයි යෝදයො පාවඩ
ජසයා: ආන්න හරි උඩට උඩුවියන්, පයට පාවඩ දෙපැත්තට වැටහිර
ගුරු: වැඩහිර නෙමෙයි මනුස්‌සයෝ - වටතිර
ජසයා: අන්න හරි උඩට උඩුවියන්, පයට පාවඩ, වටේව වටතිර ආසනවලට ඇතිලි
ගුරු: ඇතිලි ? ඇතිලි තියෙන්නේ කුස්‌සියෙනෙ යෝදයො ඇතිලි නොවෙයි ඇතිරිලි.
ජසයා: අන්න හරි උඩට උඩුවියන්, පයට පාවඩ, වටේව වටතිර ආසනවලට ඇතිරිලි දාල මේ ස්‌ථානෙ සරසා වදාරන්නයි මම ආවෙ.
ජසයා විරූපී වුවත් ඔහුට බිරින්දෑවරු දෙදෙනෙකි. එකියක් ලෙංචිනා ය. අනෙක් තැනැත්තිය පුරංසිනා ය. ලෙංචිනා රූමත් ය. ඉඟි බිඟි, අඟර දඟර සහිත ය. රූමත් ලෙංවිනා ගමේ අප්පුහාමි සමඟ අනියම් සම්බන්ධතාවක් ඇති කර ගනී. මේ බව දැනගන්නා ජසයා මුදලිතුමාට පැමිණිලි කරයි. මුදලිතුමා පැමිණේ.
මුදලි කම් ලැබගෙන
කස්‌තාන ගොලහි පළඳින
සේවකයකු සමඟින
රාලහාමි සබේ වඩිමින
නඩුව විභාග කරන මුදලිතුමා අප්පුහාමිගේ අල්ලසට යටත් ව වරද වසන්කොට වැරදිකරු නිවැරදි කොට ජසයා වෙතම වරද පවරයි. මෙයින් කෝපයට පත්වන ජසයා රෙදි පොට්‌ටනියෙන් ගසා මුදලිත්, අප්පුහාමිත්, ඔවුන්ගේ හෙංචයියනුත් එළවා ගනී.
ඉහත දැක්‌වූ "ජස ලෙංචිනා" කතා පුවතට වඩා වෙනස් වූ කතා පුවත් ඇතැම් ප්‍රදේශවල ඇත. ඇතැම් පෙදෙස්‌වල යට කී කතාවට ම වෙනස් අංග ඇතුළත් ව ඇත. කෙසේ වෙතත් කෝලම් නාට්‍යයක් එහි කතා පුවත ගායන සංවාද හා නර්තන යන සෑම අංගයන්ගෙන්ම සෑදී ඇත.