ගීතයක් රසවිදීමේදී එම ගීතය විසින් කවර පරිසරයකට අප රැගෙන යන්නේ ද යන්න ගැන මොහොතක් හිතන්න. කලබලකාරි පරිසරයක වුව ද තමා ප්‍රිය කරන යමක් ඇසීමට ලැබීම, සිත එක අරමුණක රඳවා ගැනීමට උදව් කරයි. එය ඉතා යහපත් මානසික තත්ත්වයකි. එසේම එවැනි ගායනයක් රසවිදීමේදී විවිධාංග ඔස්සේ සිත මෙහෙයවීම, විචාරශීලි වීම යන හේතුන් අපේ තාර්කික හැකියාව දියුණු කරයි. විචාරවත් බව හා විචක්ෂණ බව යන පෞරෂ ලක්ෂණ සංවර්ධනය කරයි. එපමණක් නොවේ. අපේ විවේක කාලය යහපත්ව ගත කිරීමට අවශ්‍ය හුරුව අප වෙත ලබා දෙයි.
එකී කරුණු හේතු කොට ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නර්තන ආශ්රිත විවිධ ගායනා ශ්‍රවණය කිරීමටත්, වඩාත් විචාරශීලි ලෙස දෘෂ්ඨිය හැසිරවීමටත් අප අධිෂ්ඨාන කර ගත යුතුය. එමගින් සමූහයක් අතරින් වඩාත් උචිත දේ වෙන්කර ගැනීමට අපට හැකියාවක් ලැබෙනු ඇත.