වාද්‍ය භාණ්‌ඩ වල යෝග්‍යතාව, හඬ පාලනය, ගායනය
 



උපයෝගි කරගන්නා වාද්‍ය භාණ්‌ඩ වල යෝග්‍යතාව, හඬ පාලනය, ගායනය හා සුසංයෝග වීම :-
 
ගායනයක්‌ රස විඳීමේදී වාදන භාණ්‌ඩ උචිත ලෙස යොදා ගැනීම ඉතා වැදගත් සාධකයක්‌ව පවතී. සමහර අවස්‌ථා වලදී ගායනය අභිබවා වාදනය ඉස්‌මතුව පෙනේ. එහිදී අත්‍යාවශ්‍ය සාධකය වන ගායනය අවතැන් වේ. එබැවින් ගායනයේ ස්‌වරූපයට අනුව ඊට උචිත භාණ්‌ඩ තෝරා ගැනීමත්, ගායනය හා සුසංයෝග වන ආකාරයෙන් පරිස්‌සමින් වාදනය කිරීමත් කළ යුතුය.
 
 ගායනය හුදකලා කාර්යක්‌ වීම අයෝග්‍යය. ගායනයේ මිහිර රඳා පවතින්නේ එය වාදනය හා සුසංයෝගිවන ප්‍රමාණයේ තිව්‍ර තාවය මතය. එබැවින් ගුවන් විදුලියෙන් වාදනය වන නර්තනය ආශ්‍රිත ගීතයක්‌ රස විඳීමේදී උක්‌ත කරුණ ද සැලකිල්ලට ගත යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017