ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වන නර්තනය හා බැඳි ගායනා රස විඳීමේදී අපගේ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ඇත. ඒවා මොනවාද යන්න අපි සාකච්ඡා කරමු.
තෝරාගත් ගායන අංකය හා බැඳි පසුබිම :-
නර්තනය හා බැඳි ගායනයන්හි පසුබිම යන්නෙන් අදහස් කරනුයේ,
* එම ගායනය කවර නර්තන සම්ප්‍රදායක් හා බැඳී ඇත් ද ?
* එම නර්තන සම්ප්‍රදායේ කවර අංගයකට ඇතුළත්ව පවතී ද ?
* එම ගායනයෙන් විස්‌තර වන්නේ කුමක් ද ?
* එහි භාවමය ලක්‌ෂණ කවර ආකාර වේ ද ?
යන කරුණුයි.
එම කරුණු අපට වැදගත් වන්නේ ගායනයේ නාද එකී ගායන ශෛලිය, සාර්ථක අසාර්ථක භාවය වැනි කරුණු එකී ලක්‌ෂණ හා බද්ධව පවතින බැවිනි. සම්ප්‍රදායික ගායනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිවේ.
1. අනිෂ්ටුප් හෙවත් අනාඝානාත්මක ගීත. (තාලයට අනුව නොගැයෙන ගායනා)
2. තාලාත්මක ගායනා (ආඝාතාත්මක ගීත)
අනාඝානාත්මක ලෙස ගායනයන් ලෙස ආශිර්වාද කවි, සන්න, සැහැලි, ශ්ලෝක, නමස්‌කාර, අෂ්ඨක, වැනි විවිධාංග රාශියක් ඇත. එකිනෙක ගායනා සඳහා ඊට නියමිත ගායන ශෛලියක්, නාදමාලාවක් හා ඉදිරිපත් කරනු ලබන ශෛලියක් තිබේ. එකම ශෛලියේ ගායනයක් තුළ වුව ද විවිධතා දැකිය හැකිය.නර්තන හා සම්බන්ධ ගායනා අතර බහුලව දැකිය හැක්‌කේ තාලානුකුලව ගැයෙන ගායනාවන්ය.