(නර්තනය හා බැඳි ගායනා)
මූණ පුරා තෙල් ගාගෙන යන කලට
මාන බලති මිනුවන් පන් තිබෙන කොට
නෑනෙ නුඹත් එනවද පන් නෙලන්නට"
ඉහතින් දැක්වූ කවිය ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වන අවස්ථා ඔබ කොතෙකුත් අසා ඇතුවාට සැකයක් නැත. සංගීත භාණ්ඩ යොදාගනිමින් ගායනයේ මූලික නාදමාලාවට හානියක් නොවන අයුරින් ඉදිරිපත් කර ඇති මෙම ගායනය ජනසංගීත පර්යේෂණ ගීතයක් වශයෙන් ජනප්‍රිය තාවයක් උසුලයි. එය නර්තනය හා බැඳි ගීතයකි. එකී ජනප්‍රියතාව එම කවියට ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ශ්‍රව්‍ය ජනමාධ්‍ය වන ගුවන්විදුලිය මගිනි.
ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ජනමාධ්‍යයන් හා සංසන්දනාත්මකව සලකා බැලීමේදී ගුවන් විදුලි මාධ්‍යයට හිමිවන්නේ වැදගත් තැනකි. විදුලි බලය නොමැති දුෂ්කර ප්‍රදේශ වල පවා සුලභව භාවිතයේ පැවතීමත්, පහසු මිලකට ලබා ගත හැකිවීමත්, පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි සරළ යාන්ත්‍රනයත් නිසා මෙය වඩාත් ප්‍රචලිත ජනමාධ්යක්ව පවතී. රූපවාහිනිය මෙන්ම ගුවන් විදුලිය ද නර්තන කලාවේ ප්‍රවර්ධනයට මහඟු සේවයක් ඉටු කරනු ලබයි. විශේෂයෙන්ම ජනගී-දේශීය ගී වැනි තේමාවන් යටතේ නර්තනය හා බැඳි ගායනා ප්‍රචාරය කිරීම සඳහා විශේෂ අවධානයක් මෙම මාධ්‍ය මගින් ලබා දී ඇත. ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වන නර්තනය හා බැඳි ගීත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කර දැක්විය හැකිය.
1. සම්ප්‍රදායික නර්තනය හා බැඳි ගායනා.
2. පර්යේෂණාත්මක ගායන ගීත.
මේ අතරින් සම්ප්‍රදායික නර්තනය හා බැඳි ගායනා යනු උඩරට, පහතරට හා සබරගමු යන නර්තන සම්ප්‍රදායන් හා බැඳි ශාන්තිකර්ම ගීත සහ වන්නම්, ප්‍රශස්ථි, සව්දම්, තාලම්, වන්දමානම් සහ ගැමි නැටුම් හා බැඳි ගායනයන් වේ.
පර්යේෂණාත්මක ගායනා යනු සාම්ප්‍රදායික නාදමාලාවන් හි යම් යම් වෙනස්කම් සහිතව නව මුහුණුවරකින් ඉදිරිපත් කරනු ලබන නර්තනය හා බැඳි ගායනයන්ය. සම්ප්‍රදායික ගනයට වැටෙන ගායනාවන් ඉදිරිපත් කිරීමේ දී එකී සම්ප්‍රදායට අයත් වාදන භාණ්ඩයට ප්‍රමුඛතාවයක් ලබා දෙන අතර පර්යේෂණාත්මක ගායනයන්හිදී අනෙකුත් සංගීත භාණ්ඩ ද යොදා ගනු ලැබේ. මෙකී පර්යේෂණ ගීත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් ජනසංගීත පර්යේෂණ අංශය නමින් වෙනම ඒකකයක් ද පිහිටුවා ඇත.