දේශීය මුද්‍රා නාට්‍යයක්‌ රස විඳීම
 



දේශීය මුද්‍රා නාට්‍යයක්‌ රස විඳීමේ දී සැලකිල්ලට ගතයුතු කරුණු
 
 * ප්‍රථමයෙන් ම සුදුසු මුද්‍රා නාට්‍යයක්‌ තෝරා ගන්න. තෝරාගත් මුද්‍රා නාට්‍ය අවධානයෙන් යුතුව නරඹන්න.
 * තෝරාගත් මුද්‍රා නාට්‍යයේ කථා තේමාව සාකච්ඡා කරන්න. එම තේමාවේ අන්තර්ගතයෙන් කියැවෙන පණිවුඩය කුමක්‌ද යන්න විමසන්න.
 * තේමාවට අනුව අවස්‌ථා මතුකර තිබේ ද? යන්න විමසන්න. එම අවස්‌ථා මතුකර තීව්‍රකර දැක්‌වීම සඳහා යොදාගෙන ඇති උපාය මාර්ගවල සාර්ථක අසාර්ථකභාවය විමසන්න.
 * තේමාවට උචිත වන අයුරින් එහි චරිත හසුරුවා ඇත් ද? චරිත නිර්මාණය සඳහා නැටුම් යොදාගෙන ඇති ආකාරය කවර තරමකට යෝග්‍ය වේද? චරිතවල ගත ස්‌වභාවය මතු කිරීමට ඉවහල් වේ ද? යන්න සොයා බලන්න.
 * චරිත නිරූපණයේ දී යොදා ගන්නා භාව ප්‍රකාශන කවර තරමකට යෝග්‍ය වේ ද? යන්න විමසන්න.
 * මුද්‍රා නාට්‍ය සඳහා යොදාගෙන ඇති සංගීතය නාට්‍යයේ තේමාව, නර්තන හා භාව ප්‍රකාශනය හා සංගත බවක්‌ දක්‌වයි ද යන්න සාකච්ඡා කරන්න.
 * රංග වස්‌ත්‍රාභරණ වේදිකා සැරසිලි, විදුලි ආලෝකය කවර ආකාරයකට යොදා තිබේ ද? එය මුද්‍රා නාට්‍යයේ සාර්ථකත්වයට කවර දායකත්වයක්‌ ලබාදී ඇත් ද යන්න විමසන්න.
 * වේදිකා උපාය මාර්ග යොදා ඇත්නම් නාට්‍යයේ තීව්‍රභාවය ඇති කිරීම සඳහා එම ගීත කවර ආකාරයක සහයෝගයක්‌ නාට්‍යයට ලබා දෙයි ද යන්න නිරක්‌ෂණය කරන්න.
 * නාට්‍යයේ ආරම්භය, විකාශය සහ නිමාව අතර ඇති සංගතතාව, ගැළපීම, ප්‍රේක්‌ෂකයින් ගේ මනෝභායවන් තෘප්ත කිරීම සඳහා මුල-මැද-අග සම්බන්ධතා ගොඩනගා ඇති ආකාරය යෝග්‍ය වේ ද ? එයින් මුද්‍රා නාට්‍යයේ තේමාව මැනවින් විනාශය වේද? යන කරුණු කෙරෙහි සැලකිලිමත් වන්න.
 ඉහත දැක්‌වූ නිර්ණායක ඇසුරු කොටගෙන රස විඳීමෙන් ඔබට දේශීය මුද්‍රා නාටකයක්‌ රස විඳිය හැකිවනු ඇත.