දේශීය මුද්‍රා නාට්‍ය ඉතිහාසය (සැකෙවින්)
  රබීන්ද්‍රනාත් තාගෝර් තුමාගේ ලංකා ගමනත් එමගින් ශ්‍රි ලාංකීය කලකරුවන් තුළ ඇති වූ සංස්‌කෘතිය ප්‍රබෝධයක්‌ දේශීය මුද්‍රා නාට්‍ය කලාවේ මූල බීජය වූ බව විචාරකයන්ගේ පිළිගැනීමයි. එසේ වුව ද ඇතැම් අයගේ මතයට අනුව ශ්‍රි ලංකාවේ මුද්‍රා නාට්‍ය වංශ කතාව ආරම්භ වන්නේ 1930 වසරේ දී " සීබට්‌ ඩයස්‌ " මහතා විසින් නිර්මාණය කරන ලද " සිරිසඟබෝ " නාට්‍යයෙනි.
 
 1948 වසරේ දී ශ්‍රී ලංකාවේ මුද්‍රා නාට්‍ය ශීල්පීන් කිහිප දෙනෙකකු එක්‌ ව පිහිටුවා ගත් " පැජන්ට්‌ ඔෆ් ලංකා "
( Pajent of Lanka ) සංවිධානය වෙනුවෙන් කරන ලද නාට්‍ය මාලාව දේශීය මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ වැදගත් පියවරකි.
 
 චිත්‍රසේනගේ රාමසීතා, ශ්‍රිපාලී ආයතනයේ " විජය -කුවේණී ", නාලන්දා විද්‍යාලායේ " මහසෙන් කථාව", කයිසිකි නැටුම් පාසලේ "සීගිරි පුවත", ශාන්තිකුමාරගේ "මහා පරාක්‍රමබාහු", දේවාර් සූර්යසේනගේ " ශ්‍රී වික්‍රම රාජසිංහ" යන මුද්‍රා නාට්‍යයන් 1948 නිදහස්‌ උත්සවයේ දී වේදිකා ගත කළ බව වාර්තාගතව ඇත. 1950-1960 දශකය ශ්‍රි ලංකාවේ වැඩි ම මුද්‍රා නාට්‍ය ගණනක්‌ නිර්මාණය වූ යුගය ලෙස සැලකේ. 1964 වසරේදි ප්‍රථම රාජ්‍ය නාට්‍ය උළෙලක්‌ පැවැත්වීම විශේෂ සිද්ධියකි.
 
 ශ්‍රි ලංකාවේ ප්‍රකට මුද්‍රා නාට්‍ය ශිල්පීන් කිහිපදෙනෙකකු විසින් කරන ලද නිර්මාණ කිහිපයක්‌ පහත දැක්‌වේ.
 
 * චිත්‍රසේන - රාමසීතා, රාවණා, විදුර, චණ්‌ඩාලිකා, හිම කුමාරි, නල-දමයන්ති, කරදිය, ගිනි හොරා, කිංකිණි කෝලම, ශිව රංග.
 * ප්‍රේමකුමාර එපිටවල - සැළලිහිණිය, තිත්ත, බත, පරෙවියා, දියවන්නාව, ගමන
 * පණිභාරත- හත්පත්තිනි, ග්‍රහ අපලය, දිට්‌ඨමංගලිකා
 * වසන්ත කුමාර - හිරෝශිමා, කුඹුරු පනත, තම්බපණ්‌ණී.
 * ශේෂා පලිහක්‌කාර- ඉරිදා පොළ, පුෂ්පශෘංතාරය, භාවචලන.
 * ඉඹුල්ගොඩ- උදාව, රන්දද
 * මකුලොළුව- සක්‌හඬ, දෙපානෝ, පහනෙන් පහන
(c) Shilpa Sayura Foundation 2006-2017