දේශීය මුද්‍රා නාට්‍ය යනු කුමක්‌ ද?
  සෑම රටකට ම තමන්ට ආවේණික වූ මුද්‍රා නාට්‍ය සම්ප්‍රදායක්‌ ඇත. එකිනෙක රටේ නර්තන ක්‍රමයන්ට අනුගතව ඇති නිසා එක්‌ එක්‌ රටවල මුද්‍රා නාට්‍යයන් අතර පොදු සමානත්වයක්‌ දක්‌නට නැත. එසේ වුවද මූලික ලකෂණ අතර කිසියම් සමානත්වයක්‌ ද දක්‌නට ඇත. ඉදිරිපත් කරන ආකාරය අනුව විවිධතා පැවතුනත් ලෝකයේ සෑම මුද්‍රා නාට්‍යයක ම ප්‍රධාන ස්‌ථානයක්‌ හිමිකර ගන්නේ නර්තනයයි. නැතහොත් මාධ්‍ය කොට ගෙන කරනු ලබන අදහස්‌ ප්‍රකාශනයයි.
 
මේ අනුව දේශීය මුද්‍රා නාට්‍යයන්හී දී ද නර්තන ප්‍රධාන ස්‌ථානයක්‌ ගනී. මෙහි දී ද සිදුවන්නේ නර්තනය මාධ්‍ය කොට ගෙන අදහස්‌ ප්‍රකාශ කිරීමයි. ඒ සඳහා කවර නර්තන මාධ්‍යයක්‌ අනුගමනය කළ යුතුද යන්න තීරණය කරන්නේ නිර්මාණ ශිල්පියායි. එසේ නම් දේශීය මුද්‍රා නාට්‍යය යන්න වෙන්කොට හඳුනා ගන්නේ කෙසේද? 
 
මෙයට පැහැදිලි සීමා නිර්ණ දැක්‌වීම කළ නොහැකි වුවත් ශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් විසින් දේශීය සංස්‌කෘතියට අනුගත වන සේ කරන ලද කවර හෝ මුද්‍රා නාට්‍ය නිර්මාණයක්‌ දේශීය මුද්‍රා නාට්‍යයක්‌ ලෙස සැලකීම යුක්‌ති සහගත ය.
(c) Shilpa Sayura Foundation 2006-2017