පදාන්ත ආ කාරය
 

පදාන්ත 'ආ' කාරය ඉක්‌මන් කථාවේ දී හෝ පුද්ගල භාෂණය වශයෙන් හෝ භ්‍රස්‌ව ව උච්චාරණය වුව ද ලේඛනයේ දී හැම විට ම දීර්ඝ ව ලිවිය යුතු ය.

ට, ගෙන් ආදි විභක්‌ති සූවකයක්‌ පර ව යෙදෙන කල්හි ද 'ආ' දීර්ඝ ව ම ලිවිය යුතු ය.

අක්‌කා අක්‌කලා
අම්මා අම්මලා
අය්යා අය්යලා
තාත්තා තාත්තලා
නැන්දා නැන්දලා
මාමා මාමලා
අක්‌කාට අක්‌කාගෙන්
අම්මාට අම්මාගෙන්
අයියාට අයියාගෙන්
බල්ලාට බල්ලාගෙන්
වදුරාට වදුරාගෙන්

ඇවිල්ලා එනවා
කාලා කනවා
බීලා බොනවා
විදලාවිදිනවා
මරාලා/මරලා මරනවා
කපාලා/කපලා කපනවා
කඩාලා/කඩලා කඩනවා
ලියාලා/ලියලා ලියනවා

ඉහත කී නියමය සංඥා නාමවලට ද අදාළ වේ.
විශේෂයෙන් මෙය සිංහලයේ දී ස්‌ත්‍රී පුරුෂ නාම භේදය දැක්‌වීමට හේතු වේ.

පුරුෂ නාම ස්‌ත්‍රී නාම

අමර අමරා
ඉන්ද්‍ර ඉන්ද්‍රා
චන්ද්‍ර චන්ඳ්‍ර`
තිලක තිලකා
වජිර වජිරා
විජිත විජිතා
සමිත සමිතා

(c) Shilpa Sayura Foundation 2006-2017