වේදිකා සැරසිලි සහ ආලෝකකරණය
  කරදිය මුද්‍රා නාට්‍යයට පසුබිම් වන්නේ වෙරළාසන්න පරිසරයයි. මෙහි එකී පරිසරය නිරූපණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ ඉතා සරළ පසුතල නිර්මාණ කිහිපයකි. වැටකේ පඳුරක්‌. ගල් කුලත් සහ පැල්පතක්‌ යන සරල සංකේත කිහිපයක්‌ මගින් කරදිය මුද්‍රා නාට්‍යයේ වෙරළාසන්න පරිසරය අපූර්වතාවයකින් යුතුව නිර්මාණය කර ඇත.
 
 ආලෝක සහ තාක්‌ෂණික උපාය මාර්ග යොදා ගනිමින් මුහුද, මුහුදු රළ, මකුළුදුල්, කුණාටුව වැනි අවස්‌ථා නිරූපණය කරන ආකාරය චමත්කාර ජනක ය. මෙහි විදුලි ආලෝක ශිල්පියා ලෙස කටයුතකු කළේ " මහින්ද ඩයස්‌ " නැමැති ආලෝකකරණය ශිල්පියා ය. 
 
(c) Shilpa Sayura Foundation 2006-2017