කරදිය රංග වස්‌ත්‍රාභරණ නිර්මාණය
 

සාම්ප්‍රදායික ලක්‌ෂණයන්ට වහල් නොවී චරිත නිරූපණයට සහ නර්තන දැක්‌වීමට යෝග්‍ය වන ආකාරයෙන් මෙහි ඇඳුම් පැළඳුම් සකස්‌ කරගෙන ඇත. මුද්‍රා නාට්‍යයක අදහස්‌ ප්‍රකාශ කිරීමේ ප්‍රධාන ක්‍රමෝපාය නර්තනයයි.
 
 එම අදහස සැලකිල්ලට ගෙන චරිතයේ ස්‌වභාවය ප්‍රකාශ වන ලෙසත් අර්ථවත් වන ලෙසත් නර්තනය දැක්‌වීමට බාධාවක්‌ නොවන ලෙසත් මෙහි රංග වස්‌ත්‍රාභරණ නිර්මාණය කර ඇත.
 මෙහි දී ලංකාවේ සුප්‍රකට රංග වස්‌ත්‍රාභරණ නිර්මාණ ශිල්පියකු වන "සෝමබන්දු විද්‍යාපති" මූලිකත්වය ගෙන කටයුතු කළේය.
 
 

(c) Shilpa Sayura Foundation 2006-2017