තත්කාලීන නාට්‍යයන්හි බහුලව යොදා ගන්නා ලද්දේ දේශිය නර්තන සම්ප්‍රදායන් හෝ ඉන්දියානු නර්තන සම්ප්‍රදායන් ය. මෙම සාම්ප්‍රදායික ආරෙන් මිදුණු කරදිය මුද්‍රා නාට්‍ය නර්තන නිර්මාණයේ ඳී වෙනස් මුහුණුවරක් ගත්තේ ය.
එය දේශීය නර්තනයේ මෙන්ම බටහිර නර්තනයේ ආභාෂය ද බලා ගත්තේ ය. එසේ වුව ද එකී සම්ප්‍රදායන් දෙකටම ගැති නොවූ නිදහස් නර්තන ආරක් කරදිය මුද්‍රා නාට්‍යය තුළින් ඉස්‌මතුව පෙනේ. සංගීත රිද්මයට අනුව ඉතා අපූරු නර්තන රටාවක් එමගින් ඉදිරිපත් කෙරිණ. බටහිර නර්තන සම්ප්‍රදායේ එන උඩ පැනීම් කැරකීම් ආදී ලක්‌ෂණ මෙහි අන්තර්ගත වුව ද එව සපුරා ම බටහිර ලක්‌ෂණවලට ගැති වූවක් නොවීය. මෙතෙක් නිර්මාණය වූ මුද්‍රා නාට්‍යවල පැවති නර්තනයට උචිත ආකාරයෙන් චරිතය හැඩ ගසා ගැනීම වෙනුවට, චරිතයට යෝග්‍ය වන සේ නර්තනය හැඩ ගසා ගැනීම කරදිය මුද්‍රා නාට්‍යයේ නර්තන නිර්මාණයේ ඇති විශේෂත්වයයි.