වෙරළාසන්නයේ ජීවත් වන ධීවර ජනතාවගේ දරිද්‍රතාවය ඔවුන් විවිධ පුද්ගලයින්ගේ සූරාකෑම් සහ විවිධ අතවරවලට ලක්‌වෙන ආකාරය, ඔවුන් ජීවිතයේ අත් විඳින ශෝචනීය තත්ත්වයන්, ඔවුන්ගේ දුක් ගැහැට, අසරණ බව යනාදී ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජයීය ප්‍රශ්න රාශියක් මෙම නාට්‍යයේ කතා තේමාවට හසුකර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික වෘත්තීයක නියැළෙන එක් සමාජ ස්‌ථරයක් දෙස සානුකම්පික දෘෂ්ටි කෝණයකින් බලා, ඔවුන්ගේ ගැටලු සාකච්ඡාවට භාජනය කිරීම මෙම නාට්‍යයේ විශේෂ ලක්‌ෂණයකි. මෙතෙක් මුද්‍රා නාට්‍යවලට තේමා වූ ජනකථා, ජාතක කථා, සහ ඓතිහාසික පුවත් වෙනුවට ප්‍රබල සමාජ යථාර්ථයක් සාකච්ඡා කිරීම මගින් මෙම නාට්‍යය විශේෂ අවධානයක් ලබා ගත්තේ ය.

![](/sayura/images/logo2.png)