" සිසී " වෙරළාසන්න ධීවර ගම්මානයක ජීවත් වන තරුණියකි. තම පෙම්වතා සහ පිරිස ඈත දියඹේ මසුන් මැරීමට ගොස් ආපසු පැමිණෙති. ඔවුන්ගේ ඔරු හිස් ය. මාළු නොමැති හිස් ඔරු දකින " මණ්‌නඩිරාල" (ධීවරයින් මෙහෙය වන ප්‍රධානියා - ඔරු අයිතිකරු) කෝපයට පත් වේ.
ධීවරයනගේ දරිද්‍රතාවය තම ආයුධය කෙට ගන්නා මණ්‌ණඩිරාල සිසී තම වසඟයට ගැනීමට උත්සහා කරයි. මණ්‌ණඩිරාලගේ බලය හමුවේ අසරණ වන ධීවර ගම්වාසීන් මණ්‌ණඩිරාලගේ අදහස්‌වලට අවනත ව ඔහු වෙතට යන ලෙසට සිසීට බල කරයි.
ගොදුරු අල්ලා ගැනීමට දැලක් වියන මකුළුවා එක්‌සත්ව කටයුතු කරන මැස්‌සන් විසින් පරාජය කරන ආකාරය සිසී සිහිනෙන් දකී. කුණාටුව හමයි. මසුන් මැරීමට මුහුදු ගිය සිසීගේ පෙම්වතා ඇතුළු පිරිස ඊට ගොදුරු වෙති.