දේශීය මුද්‍රා නාට්‍ය ඉතිහාසයේ ස්‌වර්ණමය මග සලකුණක් සනිටුහන් කළ අද්විතීය නිර්මාණය ලෙස චිත්‍රසේනගේ "කරදිය" මුද්‍රා නාට්‍ය හැඳින්විය හැකිය. ශ්‍රි ලංකාවේ මෙතෙක් නිර්මාණය වූ මුද්‍රා නාට්‍යය අතර කරදිය මුද්‍රා නාට්‍යයට හිමි වන්නේ අග්‍රගණ්‍ය ස්‌ථානයකි. තත්කාලීන මුද්‍රා නාට්‍යන්ට වඩා වෙනස් මගක යමින් සාම්ප්‍රදායික නර්තනයන්ට නිර්මාණය කරන ලද කරදිය මුද්‍රා නාට්‍යයට තේමා වූයේ ශ්‍රි ලංකීය ධීවර ප්‍රජාවගේ ශෝචනීය යථාර්ථයයි. මෙම මුද්‍රා නාට්‍යය ශ්‍රී ලංකාවේ පමණක් නොව සෝවියට් රුසියාව වැනි විදේශීය රටවල ද ප්‍රදර්ශනය විය.