ගල් යුගයේ වාසස්ථාන සහ ජීවන රටා
 

 මිනිසා මුලින්ම තම වාසස්ථාන පිණිස තෝරාගත්තේ හොඳ වාතාශ්‍රයක්‌ හා සතුන්ගෙන් ආරක්‍ෂා විය හැකි ස්වාභාවික ගල් ගුහාය සහ ගල් කුහරයන්ය. කාලය ගතවන විට ගුහා බිම ගල් ඇතිරීමටත්, බිත්ති , කවූළු හා ගින්දර ස්ථාන පිළියෙල කර ගැනීමටද ඉගන ගති. පසුව ඔවුන් ස්වාභාවික ගුහා නැති පෙදෙස්වලද වාසස්ථාන සකස් කර ගැනීමට පටන් ගති. එයට යුග සමග වෙනස් වූ ශීතල හා සුලං, වැසි වැනි අනිකුත් කාළගුණ ලක්‍ෂණද බලපාන්නට ඇත.

මුල්ම මානව වාසස්ථානය අපට හමුවන්නේ මධ්‍යම අප්‍රිකාවේ ඔල්ඩුවායි හිය. ඒ වසර දෙලක්‍ෂයකට පෙර හෝමෝ හැබිලස් විසින් සකසා ගන්නා කුඩා ගල් රවුමකිනි. ඔහු ගල් මෙවලම් සෑදූ, කඳවුරු තනාගත් හා වර්ෂ 3,000,000 කට පෙර ගින්දර භාවිතා කල අපේ මුතුන් මිත්තාය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017