ඉහළ පේලියෝලිතික යුගයේදී (ක්‍රි.පූ. 40,000 - 10,000)ආදී මානවයන් විසින් කෙටීමෙන් හා පින්තාරු කිරීමෙන් නිර්මාණය කරන ලද ස්පාඤ්ඤයේ ගුහා චිත්‍ර අද මැග්දලේනියම් කලා සම්ප්රදාය (Magdalenian Art) ලෙස හඳුන්වයි.
එය මිනිස් අත්වලින් කරන ලදුව විශාල සත්ව සංඛ්‍යාවක විවිධ ඉරියවි මෙන්ම ජ්‍යාමිතික හැඩතලද දක්වයි. මැමත් වැනි සමහර සතුන් අද ඉතිරිව නැත. මිනිස් රූප ඉතාමත් අවමය.
රූප වර්ණ මැටි භාවිතා කරමින් අතින් කර ඇති බව පෙනේ. සතුන්ගේ නිය ලකුණු වලින් මිනිසා රූප කෙටීමට ඉගනගන්නට ඇත. විවිධ පාෂාණ වර්ග භාවිතය හා ඒවාවල හැඩතල භාවිතා කරමින් ගැඹුර හා වර්ණ ලබාගන ඇත. ප්‍රථම වර්ණ ලෙස කළු සඳහා යකඩ ඔක්සයිඩ හා මැන්ගනීස් ඩයොක්සයිඩ් ද රතු සඳහා මැටිද. සුදු පාට කෙඔලින් මැටි මෙන්ම මයිකා ද භාවිතා කර ඇත. ඊට අමතරව මැග්දලේනියන් සිත්තරුන් කහ සහ දුඹුරු ද භාවිතා කර ඇත.
Above : Bison- Altamira, Spain / Below : Horse - Lascaux, France (15,000-12,000 BC)
ගල් යුගයේ මිනිසා ගැඹුරු ගුහාවල වාසය නොකළේය. සමහර අවස්ථාවල ගුහා මුඛ වල හා ස්වාභාවික ගල් ආවරණ සිටියහ. දැනට සොයාගන තිබෙන ප්‍රධාන ස්ථාන ගැඹුරු ගුහාය. තම චිත්‍ර වැස්ස, සුළඟ ආදී පාරිසරික බලපෑම් වලින් ආරක්ෂා කරගැනීමට ඔවුන් ගැඹුරු ගුහා තෝරා ගත්හ.
සමහර චිත්‍ර ඉතා විශාල ඒවා වන අතර පිරනීස් කඳුකරයේ ලැබාස්ටයිඩ් හි ගුහා බිමේ සිට අඩි 14 ක් ඉහලින් ආකර්ශණීය අශ්වයකු ඇඳ ඇත. බර්නිෆැල්හි මැමත්ලා අඩි 20 ක් තරමට උසය. වඩාත් ප්‍රසිද්ධ ෆන්ට් ඩී ගෝම්හි (Font de Gaume) රයිනෝසිරස්ය. මේ ගුහා වල විශාලත්වය හා ආරක්ෂාව නිසා ඒවා තෝරාගන්නට ඇතැයි සිතෙන්නේ පිරනීස්හි නියක්ස් ගුහාව සැතපුම් භාගයක් පමණ වූ බැවිනි. විශාල රොෆිග්නැක් ගුහාව කඳුකරය තුලට සැතපුම් හයක් විහිදේ. එහි සමහර අඩි 7 ක් දිග චිත්‍ර ද හමුවේ.