එදිනෙදා ජීවිතයේදී ඔබට යමි වස්තුවක් තිබෙන ස්ථානයෙන් වෙනත් ස්ථානයක් වෙත චලනය කිරීමට, සාමාන්‍යය වේගයකින් චලනය වන වස්තුවක වේගය වැඩිකර ගැනීමට, වේගයෙන් චලනය වන වස්තුවක වේගය අඩු කිරීමට හෝ චලනය වන වස්තුවක් නිෂචල කිරීමට සිදුවේ.
මේ අතර වස්තුවක් චලනය වන විට එහි වේගය අඩු කිරීමට හා වේගය වැඩි කිරීමට සිදු වන අවස්ථාද අපට බොහෝ විට හමු වේ.
දැන් අප එවැනි අවස්ථා කිහිපයක් ගැන සලකා බලමු.
දැන් අප වස්තුවක් චලනය වන වේගය වැඩි කරන ක්‍රමය ගැන සලකා බලමු.
අප මෙය විමසා බැලීමට ඔබ සෙල්ලම් කිරීමට භාවිතා කරන සෙල්ලම් ඩක්කුවක් ගනිමු.
දැන් ඔබ එම ඩක්කුව මත ඔබගේ මිතුරෙක් හෝ සහෝදරයෙකු හිදුවන්න.
දැන් එය තරමක බෑවුමකක් සහිත පල්ලමක තබන්න.
එවිට එය චලනය වීමට ආරම්භ වේ.
මෙම චලිතයත් සමඟම ඔබත් ඊට බලය යොදන්න.
මෙවිට සෙල්ලම් ඩක්කුව පෙරට වඩා වේගයෙන් චලනය වන බව ඔබට වැටහෙනු ඇත.
එනම් චලනය වන වස්තුවකට පිටතින් බලයක් යෙදීමෙන් වහි චලන වේගය වැඩිකර ගත හැක.
දැන් අප වස්තුවක් චලනය වන වේගය අඩු කරන ක්‍රමය ගැන සලකා බලමු.
පෙර උදාහරණයේ පරිදිම සෙල්ලම් කරත්තය බෑවුම දිගේ පහළට චලනය වීමට ඉඩදී ඔබ ඉන් පටුපසින් අදින්න නැතහොත් සෙල්ලම් කරත්තයේ ඉදිරි පසින් තල්ලු කරන්න.
එවිට එය නිදහසේ චලනය වන වේගයට වඩා අඩු බව ඔබට වැටහෙනු ඇත.
මෙවිට සිදුවන්නේ චලනය වන වස්තුවකට භාහිර බලයක් යෙදීමෙන් වස්තුවේ චලනය වන වේගය අඩු කිරීමයි.
ඉහත සංසිද්ධ්න් දෙක පිළිබඳව විමාසා බලන විට චලනය වන වස්තුවක වේගය අඩු හා වැඩි කිරීමට භාහිර බලයක් මඟින් පිළිවන් බව පෙනේ.
නමුත් මෙහි ඇති විශේෂය වන්නේ චලනය වන වස්තුවට බලය යොදන දිශාවයි.
එම නිසා යමි වස්තුවක චලන වේගය අඩු හා වැඩි කිරීමට යොදන භාහිර බලය හා වහි දිශාව ප්‍රයෝජනයට ගත හැකි බව පෙනේ.