චලනය වන බයිසිකලයක් නතර කිරීමට හෝ චලනය වීම අඩු කිරීමට තිරිංග ක්රියා කරන ආකාරය කෙසේදැයි බලමු.
කැරකෙන රෝදයට තිරිංග පළුව තෙරපේ.
එවිට එය රෝදය කෙරෙහි ඇතිල්ලුම් බලයක් ක්රියා කරයි.
යම් පෘෂ්ඨයක් මතුපිට රළු බවින් යුක්ත නම්, එහි ඇති වන ඇතිල්ලුම් බල වලට ඝර්ෂණ බල යැයි කියනු ලැබේ.
මෙහිදි ඝර්ෂණ බලය රෝදය කැරකෙන දිශාවට ප්රතිවිරුද්ධ දිශාවට ක්රියා කෙරේ.
එවිට රෝදයේ වේගය අඩු වේ.
මෝටර් රථයක රෝදයක තිරිංග මගින් සිදු කර්නේද රෝදය කැරකෙන දිශාවට ප්රති විරුද්ධ දිශාවට බලයක් ඇති කිරීමය.
තිරිංග තද වීමෙන් වාහනයක රෝද කැරැකීම සම්පූර්ණයෙන් නතර වුන හොත් කුමක් සිදු වේද?
මෙහිදී සිදුවන්නේ පාර දිගේ රෝදය ඇතිල්ලෙමින් ටික දුරක් ගොස් වාහනය නතර වීමයි.
ඉහත සංසිද්ධියේදී සිදු වන ක්රියාව වන්නේ පොළව හා රෝදය අතර ඝර්ෂණ බලයක් ක්රියා ක්රියා කිරීමයි.
මෙම බලය වාහනයේ චලිත දිශාවට ප්රතිවිරුද්ධ දිශාවට ක්රියා කරයි.